(අංජුල මහික වීරරත්න)

කැලණිවැලි දුම්රිය මාර්ගයේ නාරාහේන්පිට සහ නුගේගොඩ දුම්රිය ස්ථාන අතර පිහිටි “නාවල-නාරාහේන්පිට පාර” දුම්රිය හරස් මාර්ගයේ සිදු කරනු ලබන අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කටයුත්තක් හේතුවෙන් අගෝස්තු 1 දින දුම්රිය ධාවනය සීමා කරන බව ශ්‍රී ලංකා දුම්රිය සේවය පවසයි.

අගෝස්තු 2 දින එම දුම්රිය හරස් මාර්ගය වසා තබන බවද දුම්රිය සේවය කියයි.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා දුම්රිය සේවය නිකුත් කරන ලද නිවේදනය මෙසේය.