(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

කිව්.ආර් ගැටලු හරියට ලිහා ගන්නට බැරි නම් හිටපු ඇමති කාංචනට මාසයක් විතර වගකීම  බාර දෙන්නැයි බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මන්ත්‍රීවරයා මෙසේද කීය.

 කිව්.ආර් එකේ ලොකු ප්‍රශ්නයක් තියෙනවා.අලුතෙන් ගෙනාපු වාහන වලට කිව්.ආර් එක රෙජිස්ටර් කරගන්න බෑ.විකුණපු වාහන වලට කිව්.ආර් රෙජිස්ටර් කරගන්න බෑ.ඒ වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවා.ඔය ගොල්ලොන්ට ඒක කරගන්න බැරි නම් කාංචනට ආපහු මාසයක් විතර බාර අරගෙන කරල දෙන්න කියන්න.ඒ මනුස්සයා ඒක කරලා දේවි.පඩි ගන්නෙ නැතුව කාංචන ඇවිල්ලා ඕක කරලා දේවි. කරන්න පුළුවන් යනුවෙන්ද මන්ත්‍රීවරයා කීය.