
(අංජුල මහික වීරරත්න)
ජාතික මට්ටමේ ක්‍රීඩා කුසලතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා රාජ්‍ය අංශයේ රැකියා අවස්ථා ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ජාතික හා ජාත්‍යන්තර මට්ටමේ සුවිශේෂී හැකියාවන් සහිත හා ජයග්‍රහණ අත්කර ගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් මෙරටින් බිහි වී ඇතත්, ස්ථාවර රැකියා අවස්ථා නොමැතිකම හේතුවෙන් ඔවුන් අකාලයේ තම ක්‍රීඩා ජීවිතයෙන් සමුගැනීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ.
එමෙන්ම, එම තත්ත්වය අදාළ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ කුසලතා රඳවා ගැනීම, උසස් කාර්ය සාධනයක් පවත්වා ගැනීම සහ ජාත්‍යන්තර තරගකාරීත්වය පවත්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාවට ඇති හැකියාව කෙරෙහි සෘණාත්මක බලපෑමක් එල්ල කර ඇත. ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා ත්‍රිවිධ හමුදාව තුළ ලබා දිය හැකි ස්ථිර රැකියා අවස්ථාවන් සංඛ්‍යාව ද ප්‍රමාණවත් මට්ටමක නොපවතින අතර, තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශය හා ඊට අනුබද්ධ ආයතනවල පවතින ක්‍රීඩා ක්ෂේත්රයේ ස්ථිර රැකියා අවස්ථා සංඛ්‍යාව ද සීමිත බව හඳුනාගෙන තිබේ.
එබැවින්, ජාතික ක්‍රීඩා පද්ධතිය තුළ ඉහළ දක්ෂතා දක්වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් රඳවා තබා ගැනීම සහ ජාත්‍යන්තර ජයග්‍රහණ සඳහා දිරි දීම අරමුණු කර ගනිමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දිගු කාලීන රැකියා සුරක්ෂිත භාවය සහතික කිරීමට හැකි වන පරිදි විනිවිද පෙනෙන, සාධාරණ හා කුසලතා මත පදනම් වූ තෝරා ගැනීමේ ක්‍රියාවලියක් තුළින් රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා ව්‍යවස්ථාපිත ආයතන වල රැකියා අවස්ථා ලබා දීමට යෝග්‍ය ප්‍රතිපත්ති රාමුවක් සකස් කිරීම පිණිස තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd