
(මනෝප්රිය ගුණසේකර)
ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි සඳහා සහභාගි වීමට හැකිවන පරිදි "විරෝධතා නොමැති බව" සඳහන් සහතිකය තමාට නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන යේ සභාපති සම්මි සිල්වා මහතා ඇතුළු ක්‍රිකට් බලධාරීන්ට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර මහතා ගොනු කළ පෙත්සම අප්‍රේල් 9 වැනිදා සලකා බැලීමට කොළඹ දිසාඅධිකරණය අද තීරණය කළේය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නියම කර ඇති ශාරීරික යෝග්‍යතා පරීක්ෂණය සමත් නොවීම හේතුවෙන් විරෝධතා නොමැති බව සඳහන් සහතිකය නිකුත් කිරීම ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කරුවන්ගේ නිර්දේශ හා ස්ථාවරය මත ප්‍රතික්ෂේප කිරීම නීති විරෝධී බව සඳහන් කරමින් නුවන් තුෂාර මහතා නීතීඥ ජී.ජී. අරුල් ප්රගාසම් මහතා මාර්ගයෙන්ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළේය.
ක්‍රිකට් ක්‍රීඩක නුවණ තුෂාර මහතා ගොනු කළ පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි සභාපති ෂම්මි සිල්වා , ලේකම් බන්දුල දිසානායක භාණ්ඩාගාරික සුජීව ගොඩලියැද්ද , ප්‍රධාන විධායක නිලධාරී ඈශ්ලී ද සිල්වා මහත්වරු ඇතුළු පිරිසක් නම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd