හොරණ ගන්කන්ද ප්ර දේශයේ මාවක්කුමෝදර කළු ඟග ආශ්රිතව නීති විරෝධී ලෙස මැණික් ගරන බවට ලද තොරතුරක් ම වලාන දූෂණ මර්දන ප්රහාරක ඒ්කකයේ නිලධාරීන් කණ්ඩායම් වැටලීමක් සිදුකර පුද්ගලයන් 25ක් අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරුවන් සමග බෝට්ටු 14ක්, මෝටර් 06ක් ඇතුවව රු.කෝටි 07ක් පමණ වටිනා උපකරණ තොගයක්ද අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුවන් අවුරුදු 20ත් 60ත් අතර පසුවන බණ්ඩාරගම, හොරණ, මිල්ලනිය හා මොරොන්තුඩුව පදිංචිකරුවන් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් හොරණ පොලිසියට ඉදිරිපත් කර තිබේ. මෙම ජාවාරම දිර්ඝ කාලයක් තිස්සේ
සිදුකර ඇති බවත් ඒ හේතුවෙන් දැවැන්ත පරිසර විනාශයක් සිදුව ඇති බවත් පොලීසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd