(ඩයනා උදයංගනී)
නුගේගොඩ, ජුබිලි කණුව අසල ඇතිවූ කළහකාරී සිද්ධිය පිටුපස අන්තවාදී කණ්ඩායමක් සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
යකඩ මුගුරු, කැති, පොලු රැගත් මෙම කණ්ඩායම උද්ඝෝෂණයේ නිරත පිරිස උසිගන්වා මිරිහාන පැඟිරිවත්ත පිහිටි ජනාධිපතිතුමාගේ නිවස දෙසට ගමන් කර කළහකාරී තත්ත්වය ඇති කර ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
මෙලෙස ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු පිරිසෙන් බොහෝ දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් බහුතරයක් සංවිධානාත්මක අන්තවාදීන් බව තහවුරු වී ඇතැයි ද ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ඔවුන් අරාබි වසන්තයක් මෙරට ඇති කරමු යන හඬ නගමින් උද්ඝෝෂණය මෙහෙයවා ඇතැයි ද එම නිවේදනයේ දැක්වේ.
එම සම්පූර්ණ නිවේදනය මෙසේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බොරු ප්‍රචාර, මෙයත් පාස්කු අන්තවාදී පාලකයින්ගේ ක්‍රියාවලට එරෙහිව අහිංසක අසරණ ජනතාවගේ උද්ඝෝෂණයක් පමණි. ගිනි තැබීම් පාස්කු ත්‍රස්තයින්ගේම තවත් කපටි, බියගුලු ක්‍රියාවකි.
අන්න ආණ්ඩුව මේ පාර විකුණන්න බැරි භාණ්ඩයක් නැවත වෙළඳ පළට දානවා. රටේ මෙච්චර බුද්ධි අංශ තියෙද්දීත්, මේක තේරිලා තියන්නේ ජනාධිපති මාධ්‍ය අංශයට පමණයි. දැන් වඳ කොත්තු, වඳ බෙහෙත් පෙති, ඕවා ජනතාව ඉදිරියට ගෙනියන්න බැහැ. අරාබි වසන්තයක් රටතුළ තියනවා නම්, ඇයි ආණ්ඩුව සෞදි අරබියාවෙන් ආධාර ඉල්ලන්නේ? මේක භයානකයි. මේ භයානකකම ජනාධිපති මාධ්‍ය අංශයට නොතේරුනේ ඇයි? ඒ නිසා රටේ ජනතාව දැන්වත් අවදියෙන් සිටිය යුතුයි.
ඉස්සෙල්ලම එළියට දාපු නිවේදනයේ තිබුණේ ‘‘අරාබි වනාන්තරයක්‘‘ කියලා...
සල්ලිවලට ගත්තු ජෝඩුවට හරියට වැඩ වගේ... ඉක්මණටම යන අතක් බලාගන්නත් වෙයි. මිනිස්සුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරලා පාරෙ බැහැලා යන්න අමාරු වෙයිනේ කල් යනකොට...
උද්ඝෝෂණය ඉතාමත් සාධාරණයි. කිසිම අන්තවාදී ක්‍රියාවක් සිදු වුණේ නැහැ. ආණ්ඩුව තමයි අන්තවාදීව ක්‍රියාකළේ. ආණ්ඩුව ලෑස්ති වෙන්න ගෙදර යන්න...
ඔව් නේ. ඒ කියන්නේ මිනිස්සුන්ට දැන් කිරියෙන් පැණියෙන් ඉතිරෙනවා.කවුරැවත් ආණ්ඩුවට විරැද්ධව උද්ඝෝෂනය කරන්නෙ නෑ. ඒත් මේ අහක යන අන්තවාදීන් ටිකක් ඇව්ත් උන් ගේ ඇඟ පතේ අමාරුව යන්න උද්ඝෝෂනය කරනවා දැන් ඒකද මේ කියන්නේ? ආයේ ආයෙත් ජාතිවාදය, ආගම්වාදය මත බලය රඳවා ගන්නවත්, මිනිස්සු හූරාකන්න වත් ලැබෙන් නෑ. .දැන් මිනිස්සු දැනුවත්. .කරුණාකරලා තවත් රට ව්නාශ නොකර, අපිට පව්නොදී පලයල්ලා
මෙවැනි අසංවිධානාත්මක අරගල වල වාසිය පාලකයින්ටයි, ජවිපෙ නායකත්වයෙන් සංවිධානාත්මක අරගලයකට එකතු වෙමු
ලංකාවේ ඉන්න එකම සිංහල අන්තවාදියන් තමයි ජෙප්පෝ කියන්නේ...