(අංජුල මහික වීරරත්න)
2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් ගාස්තු රෙගුලාසි සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.
කොළඹ ගුවන් ගමන් තොරතුරු කලාපය හරහා පියාසර කරනු ලබන ගුවන් යානා සඳහා ගුවන් සංසරණ ගාස්තුවක් පැනවීමට හැකිවන පරිදි 1981 වර්ෂයේදී ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි පනවනු ලැබ ඇත.
එකී රෙගුලාසි පසුගිය කාල සීමාවේ සංශෝධනය කර නොමැති බව රජය පවසයි.
බැවින් ජාත්‍යන්තර සිවිල් ගුවන් සංවිධානයේ ප්‍රතිපත්ති හා වර්තමාන ගෝලීය ප්‍රවණතා සැලකිල්ලට ගෙන ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි සංශෝධනය කරනු ලැබ ඇති අතර එකී රෙගුලාසි 2023 අංක 1 දරණ ගුවන් ගමන් සංසරණ පහසුකම් රෙගුලාසි වශයෙන් ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර ඇත.
එම රෙගුලාසි පාර්ලිමේන්තුවේ සභාගත කිරීම පිණිස වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය වරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුවන් හමුදාව ගුවන් මාර්ග බාධක දාගෙන නීතිය කඩන ගුවන්යානා අල්ලාවිද දන්නේ නැහැ
ඔව් ඔබලාගේ ගෙදර වහලේ උඩ තමයි, මාර්ග බාධකේ දාන්නේ. මෝඩකම තිබ්බට කියවන්න එපා.
ලංකාවට තියෙන ආදායමත් නැති කරගන්න යන්නේ... හරියට අපේ ගාස්තුව වැඩිකරනවා වගේ...!
රාත්‍රි කාලයේ මිනිස්සු යටකරගෙන, හප්පාගෙන අහසේ වගේ යන ඩිපෙන්ඩර් හා රාත්‍රියේ බලපත්‍ර නැතුව වැලි ප්‍රවාහනය කරන ටිපර්රථ වලටත් රාත්‍රියේ ප්‍රධාන ලාම්පු අවපාත නොකර ධාවනය කරන සියලුම වාහන සඳහා පවතින දඩමුදල් විශාල වශයෙන් වැඩිකළොත් රජයට ලොකු ආදායම් ලබන්න පුළුවන් වේවි...!
ඔවුන් පෙට්‍රල් ගැලුමක් වැඩිපුර ගහගෙන වටෙන් යයි. අන්තිමේ හමු වූ සොච්චමත් නැතිවෙනවා.