කොළඹ සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ සිසුන් පිරිසක් අද දහවල් ඉල්ලීම් කීපයක් අරමුණු කොට විරෝධතා පාගමනක නිරත වූහ.

ශාස්ත්‍රී පිඨයේ සාමාන්‍යවේදී උපාධියේ අධ්‍යයන ඒකක ගැටලු වහා විසඳන ලෙසත්, සීමාවාසික සිසුන් අසාධාරණ ලෙස සුරාකැම නවතන විදිමත් ප්‍රතිපත්තියක් සකස් කරන ලෙසත් ඉල්ලා එම විරෝධතා පා ගමන සංවිධානය කළ බව සිසුහු පැවැසීහ.

එම පා ගමන විශ්ව විද්‍යාල සනාතන මන්දිරය දක්වා පැමිණ එම මන්දිරය ඉතිරිපිට බිම වාඩිවී උද්ඝෝෂණය යෙදුනාහ.

(ජයමාල් චන්ද්‍රසිරි)