
(පාලිත ආරියවංශ)
ඉන්දියාව පකිස්ථානය පමණක් නොව බංග්ලාදේශය සමග ද අප වෙළඳ සම්බන්ධතා පැවැත්විය යුතු පාර්ශවයක් ලෙස සලසකනවා. එම නිසා යම් කොන්දේසියකට යටත්ව කොළඹ වරායේ නිශ්චිත හදුනාගත් ස්ථානයක් බංගලාදේශයට ලබාදීමට මා එගක වුණා යැයි වරාය නාවික හා ගුවන්සේවා ඇමති නිමල් සිරිපාල ද සිල්වා මහතා බදුල්ලේදී පැවසීය .
අපගේ ආණ්ඩුකාර මුසම්මිල් මැතිතුමා මාරුකරන්න එපා කියලා ජනාධිපතිතුමාට මම කිව්වා . හුඟාක් දේශපාලඥයන් මේ සඳහා සිංහල බෞද්ධයෙක්ම යෝජනා කරද්දි මම එහෙම කිව්වේ නැහැ. සැබෑ සංහිදියාව ඇතිවන්නේ අපි එකිනෙකාට ගරු කිරීමට හා ඔවුන්ගේ දක්ෂතාවලට තැන දීම මගිනුයි.
චිතගොං වරාය ඉතා දියුණු වරායක් බවට නුදුරු අනාගතයේදී පත්වේවි. මේ අනුව ඔබට පෙනෙනවා ඇති අපි මුස්ලිම් රටවල් සමග ඉතා හොඳ සම්බන්ධතාවයක් පවත්වන බව. නමුත් මා මතක් කළ යුතුයි මීට කලකට පෙර අප මුස්ලිම් රටවල් සමග සම්බන්දතා පළුදුකරගත්තා .
නමුත් දැන් අප සමග ඒ සම්බන්ධතා ඇති කර ගනිමින් සිටිනවා එය අපේ ආර්ථිකය නැවත ගොඩනැගිනීමට අත්‍යාවශ්‍යයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරා. මාල දිවයිනටත් කෑල්ලක් දෙමු නේ
දීල දීල අන්තිමට අහවල ඒකත් දෙන්න වෙයි වගෙ.
මේ හැම දේශපාලුවෙක්ම හිතන් ඉන්නේ රටේ දේපළ ඔවුන්ගේ පුද්ගලික බූදලයක් කියලා... දැන්නම් මේ ක්‍රමය වෙනස්කළ යුතුමයි.
චිත්‍රපටි හෝල් එකත් දෙමු නේද?
පරම්පරානුගත දේපළද? නැතිනම් හොරාකාපු ඒවායින් ගත්තු දේපළද ඔයා දෙන්න යන්නේ...?
ඕෂධීට වගේ සෝමාලියාවටත් කෑල්ලක් දෙමු නිදි සිරිපාල..
බංග්ලාදේශ වලට දෙන්න යන කොළඹ වරාය කැබැල්ල හරියට අම්මාගේ බූදලය කියලා හිතාගෙනද ඉන්නේ?
මොලේ මැරුන මේ වගේ නාකි පරඬැල් දැන්වත් තනතුරුවලින් ඉවත්කර දැමීම හොඳ නැතිද...
අපි ඉතින් විකිනෙන්ණයි ,විකුණන්නයි උපන් ජාතියක් නේ ?