(බිඟුන් මේනක ගමගේ)
දීර්ඝ කාලයක් ගතවන ස්කෑනර් පරීක්ෂාවක් හේතුවෙන් කොළඹ වරායේ කන්ටේනර් සිය ගණනක් ගාල්කර තැබීමෙන් දෛනික කටයුතුවලට මහත් බාධාවක් පැමිණ ඇතැයි මහාමාර්ග වරාය හා නාවික කටයුතු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ‘ලංකාදීප’ යට පැවැසීය.
හිටපු ඇමැතිවරයකුගේ මැදිහත්වීමෙන් ගෙන්වන ලද ස්කෑනර් යන්ත්‍රයක් මෙම පරීක්ෂාව සඳහා භාවිත වන්නේ යැයි ද එමගින් එක් කන්ටේනරයක් පරීක්ෂාවට පැය බාගයකට ආසන්න කාලයක් ගතවීමෙන් මෙම තදබදය නිර්මාණය වී ඇතැයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා අවධාරණය කළේය.
කොළඹ වරායෙන් දෛනිකව කන්ටේනර් 1500 ක් පමණ පිටවන්නේ යැයි කී ඇමැතිවරයා මෙසේ නිර්මාණය වී ඇත්තේ අනවශ්‍ය තදබදයක් යැයි චෝදනා කළේය.
මෙම ස්කෑනර් පරීක්ෂාව සඳහා රුපියල් ලක්ෂ 5000 ක මාසික ගෙවීමක් අදාළ සමාගමට කරන්නේ යැයි ද මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් සැකයක් මතු වී ඇතැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා සඳහන් කළේය.
ඒ අනුව මෙම ස්කෑනර් ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් මූලික විමර්ශනයක් කිරීමට තමා කටයුතු කරන්නේ යැයි ද ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවත් බලන්න එපා. එන සේරම ඔන්න ඔහේ එළියට දාන්න. රට බීම ජාති හදන්න ඕන දේවලුත් ඔය කන්ටේනර්වල හිරවෙලා ඇතිනේ...
දැන් මෙයාට ඕනෙ වෙලා තියෙන්නේ ස්කෑන් කරන එක නවත්තලා එතනෝල් කුඩුගේන්න ඉඩ දෙන්න කියලද?
මම ලියන්න ගිය දේ උපාලි ලිව්වා. ඔය වැඩ අල්ලන්නේ...
ඕන්න පටන්ගන්න යන්නේ පරණ සෙල්ලම්...
වංචාකාරී අරමුණක් ඇති බව දැනේ.
අපෝයි 69 ලක්ෂයම වතුරේ
නියම ඇමතිකම හම්බ වෙලා තියෙන්නේ
හිතපු දේවල් උඩින් ලියවිලා
එහෙනම් කරන්න තියෙන්නේ තව ස්කෑනර් ගෙනත් තදබදය අඩුකරන එක මිසක් පරික්ෂා නොකර කන්ටේනර් එලියට දාන එක නෙවෙයි.
ඔයිට වඩා ලොකු බහාලුම් හසුරුවන වෙනත් රටවල වරායන් වලත් එවැනි ස්කෑන් කරන බව මෙතුමාට කියලා දෙන්න. නීති විරෝධි දේවල් රටට එන එක නවත්වන්න තමයී ඕවා තියෙන්නේ. අයතා ගනුදෙනුවක් වෙලා තියෙනව නම් ඒක වෙනම හොයලා බලන්න. මේ වගේ අය තමයි පෝලිම කඩාගෙන ඉස්සරහට පනින්නේ. නරියට කුකුළු කොටුව බාර දුන්නා කියන්නේ මෙන්න මේවට. කමක් නෑ රට ජාතිය බේරාගන්නනේ.
කන්ටේනර් පරීක්ෂාව අතරතුර විකිරණ අවධානමක්ද ඇති බව කියති
උපාලි ඔබගේ මසුරන් කතාවම මමත් හිතුවා. එතකොටම ඔයත් දාලා තිබුනා. හරි පුදුමයි. මිනිස්සු මේවා නැතිව හරිම දුකින් හිටියේ. දැන් හරි. ඔහොම යමු. පස්, වැලි, ගල් ටිකේ වැඩෙත් හරි. දැන් ජනතාව හරි සතුටින් ඉන්නේ.
වෙනස සනීපද? කෝ මේ කලින් කැගහපු කට්ටිය? ඇයි දැන් හැමෝම නිහඬ? දැන් තේරෙනවනේ මේ අය කෑගැහුවේ බලය අල්ලගන්න මිසක් රටට ආදරයකට නෙවෙයි කියල.
මොන දෙකින් හරි අපිටත් සහනයක් දෙන්න. මේ කතාවේ ඇත්තක් තිබෙනවා. මම ගිය අවුරුද්දේ නත්තලට සහ අවුරුද්දට බඩු දාලා පෙට්ටි දෙක තුනක් එව්වා. මම ලංකාවට ගියේ දෙසැම්බර් 18. බඩු නැව කොළඹට ඇවිත් තිබුනේ දෙසැම්බර් 16. අපිට බඩු පෙට්ටි ලැබෙන්න තිබුනේ දෙසැම්බර් 19 හෝ 20. මම ආපසු ලංකාවෙන් එන්න තිබුනේ ජනවාරි 4. බඩු පෙට්ටි ලැබී තිබුනේ ජනවාරි 5. ප්‍රමාදයට හේතුව හැටියට දක්වලා තිබුනේ කොළඹ වරායේ කන්ටේනර ස්කෑන් කිරීමේ සහ නිදහස් කිරීමේ ප්රශ්නය බව. මම දෙසැම්බර් 22 ඉඳලා ජනවාරි 4 උදේ වනතුරු දිනපතාම හෙව්වා. අන්තිමට හිස් අතින් ප්ලේන් එකේ නැගලා ආපහු ආවා. මම විතරක් නෙවෙයි ඒ කන්ටෙනරවල නත්තලට සහ අවුරුද්දට තෑගී එවපු සිය ගණනකට වුනේ ඕකයි. අපිට නත්තලට සමහර තෑගී තිබුනෙම නැහැ. අද ලැබෙයි හෙට ලැබෙයි කියපු නිසා බලන් හිටියා. වරායේ ඒ අතරේ ස්ට්‍රයික් එකකුත් ගියා. ජොන්ස්ටන් නෙවෙයි කවුරු හරි දාලා අපේ බඩු අපිට වෙලාවට දෙන්න. ගිය පාර පාඩම ඉගෙනගත්ත නිසා මේ පාර කලින් ශිප්මන්ට් එකක බඩු එව්වා. ඒත් මේ යන තාලෙට ඒ පෙට්ටිවත් වෙලාවට ලැබෙයිද දන්නේ නැහැ.
අනිත් රටවල් දේශ සීමා ආරක්ෂාව වැඩිකරද්දී ලංකාවේ බුරුවන් එය විහිලුවකට අරන්.
කන්ටේනර් ස්කෑනර් පරීක්ෂාව හැම රටකම කරන දෙයක් නේ. අනවශ්‍ය තදබදය ප්‍රශ්නයක් නම් ඒකට විසඳුම පරීක්ෂාව නවතන එක නොවෙයි.
ආයිත් හොරා කන්න පොටක් හදා ගන්න පුලුවන් විදිහට වැඩ කරන්න නම් එපා...ඔය කාගෙත් කල් ක්‍රියාව ගැන මිනිස්සු බලන් ඉන්නවා. දැන්වත් රට ගැන හිතලා මිනිස්සුන්ට සේවය කරන මහජන සේවකයින් වෙන්න.
තව ස්කෑනර් සවි කිරීමයි කල යුත්තේ
මතකද ඔය අයගේ කාලේ තමයි ඔය ස්කෑනර් එකට එහා පැත්තේ තිබුනු වරායේ ගබඩාවක් ගිනි ගත්තේ. ඒකට ගිනි තිබ්බා කියලත් කියනවා. පරික්ෂණ යට ගියා අපේ සල්ලි වලින් ආපහු ගබඩාවක් හැදුවා මෛති‍්‍ර ඇවිල්ලා උත්සවයක් එහෙම තියලා ඒක විවෘත කලා.
ප්‍රමාද උනාට කමක් නැහැ. වැඩේ සිද්ද උනාවේ.
ලබන මහා මැතිවරණයෙන් මෙතුමා නැවත ජයග්‍රහණය කරවීමට වග බලා ගමු.
නරියට කුකුල්ලු බලාගන්න බාරදුන්නා වගෙයි.
මේකත් නියමු ව්‍යාපෘතියක් ලෙස කරලා එයාලගේ අයගේ අවශ්‍ය ටික ඇතුලට ගනී. මේවා කියන්නේ පිරිසිදු චරිත නෙමෙයි. සායනික අපද්‍රව්‍ය ටිකක් ළඟ එනවා. ඒකත් අපිට වටිනවා.
ස්කෑන් නොකර ඇමතිවරු කියන ලෙස නිදහස් කරන්න.
මැතිවරණයකට පසුව සියලුම අමාත්‍යංශයකම මේවගේ කථා ඇසෙන්නේ අලුත් පිරිසිදු අමාත්‍යවරයෙක් පත්වු නිසාය. .
උපාලි හරියටම කියල තියෙනවා....
එහෙනං කරන්න ඕනේ තව ස්කෑනර් යන්ත්‍ර 5ක් විතර ගෙනත් ඒක කාර්යක්ෂම කරන එක මිසක් නවත්තන එක නෙමෙයි.
අවකල් ක්‍රියාවන්ට දොරවල් අරින්න වගේ. ජනාධිපතිට සැහෙන්න මහන්සි වෙන්න වෙයි මේගොල්ලෝ එක්ක රට පෙරට ගෙනියන්න නම් ...
ලොකු මගඩියකට තමයි මෙයා අරඅදින්නේ.
දවසකට 1500 එනවා. 1500 ම වරායෙන් එළියට යනවා. නැව එනකම් සති ගානක් බලා ඉන්න පුළුවන් නම් ස්කෑන් කරන කොට තියෙන අමාරුව මොකක්ද? එක කන්ටේනරයකට පැය බාගයක් යනවනම් ඇමතිතුමන්ගේ මොළයට තේරෙන්නෙ නැද්ද කන්ටේනර් 1500 ට පැය 750ක් ඕනි කියලා. ඒ කියන්නෙ එක දවසක කන්ටේනර් ස්කෑන් කරන්න දවස් 03ක් යනවා. නමුත් මේ ස්කෑන් පරික්ෂණ සිදුවෙන්නේ කන්ටේනර් පිටවන සාමාන්‍ය මාර්ගයේ එක් ස්ථානයක සවි කර අති ස්කෑන් යන්ත්‍රය අසලින් ගමන් කරද්දී පැයට කිලෝමීටර් 4ක වේගයෙන් රථය ධාවනය කරවීම පමණයි. කිසිදු ප්‍රමාදයක් මේ නිසා සිදුවෙන්නේ නැහැ.
මෙච්චර කලක් නොතිබ්බ තදබදයක් හදිසියේ හටගත්තේ මත්වෙන බඩු මේ ඉක්මනටම ගෙනල්ලද? එක්කෙනෙක් පස් කපන්න වැලි අදින්න පටන් ගත්තා තව කෙනෙක් තව තව බඩු ගෙනෙල්ල වගෙයි.
පරණ හොර සෙල්ලම ආයෙත් පටන් ගන්න හදන්නේ................
වැඩ කරන විරුවාගේ සෙට් එක වැඩ පටන් ගනීවි වගේ . සුභ අනාගතයක්. බත් කන හරක් ඉන්නකන් සුබ අනාගතයක්. ඇමරිකාවේ වගේ රටවල ස්කෑන් පරීක්ෂාව වැඩි කරනවා. මෙහෙ අඩු කරනවා. එතකොට අර පඩි දීල තියාගත්තු සහරාන්ලට හොදට ආයුධ ගේන්නත් පුළුවන් වේවි. මේගොල්ලෝ පඩි දීලනේ හැදුවේ ඒ අයව.
රට පෙරට. එතනෝල් ලාබේට.
අපිට කියනවා හොරු, දූෂකයින්,මොඩයින් පාර්ලිමේන්තු එවන්න එපා කියලා. මේවගෙ අයට නොමිනේෂන් නොදී ඉන්න එක තමයි කරන්න ඕන. මේවගෙ හොරෙක්ව පොහොට්ටුවෙන් දැම්මොත් මිනිස්සු පොහොට්ටුවට නොදි එජාපයට දෙයිද ?....
එහෙනම් ලගදිම ලංකාව ආයෙමත් කුඩු පුරයක් වේවි. මෙහෙමත් කාලකන්නි..............
මාර විද්යාත්මකයි නේද? නියම කෙනාට වරාය හම්බුනේ. නරින්ට කුකුල්ලු බාර දුන්නා වගේ. මාරයි වියත්මග නේද? ඒත් එජාපයේ හිටපු තක්කඩි එන එක නොවේ මේවට විසදුම.
ඊළඟ මහමැතිවරණයට වියදම් සොයා ගතයුතුව ඇත. පසුගිය වියදම්ද සොයා ගතයුතුව ඇත. කොටස් කරුවන්ට ලාභ කොටස්ද ලැබිය යුතුය. කිසිවෙක් ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතා ගැන අහිතක් නොසිතිය යුතුය. ජනතාවගේ කැමැත්ත ඔහුට නම් ඔහුගේ ක්‍රියාකාරිත්වය සදහා ඔහුට අයිතිය ඇත.
වියත්මගේ වියතුන්ගේ යථාර්තය...!!!
එතනෝල් දාපුවාම ඔය හිරගතිය නැතිවෙනවා..
ප්‍රධාන වශයෙන් ආනයනික බහාලුම් සහ අපනයන බහාලුම් 100% ක් පරික්ෂා කරන්න ඕනේ. ඒ වගේම තදබදේට විසදුම තව ස්කෑනර් සවිකරන එක. මේ ඇමති කරලා තියෙන්නේ අතීසාරේට අමුඩේ ගහන වැඩක්. ඒ වගේම රටේ ආරක්ෂාවට විශාල තර්ජනයක්.