(මහින්ද නිශ්ශංක)
වන අලි රංචුවක් ගැටීමෙන් ඉන්ධන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) දහවල් වනවිට යථා තත්ත්වයට පත් කිරීමට හැකි වන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
මින්නේරිය හා හිගුරක්ගොඩ අතර රොටවැව ප්‍රදේශයේදී කොළඹ කොටුව සිට මඩකලපුව දක්වා ධාවනය වූ ඉන්ධන දුම්රිය එසේ පීලි පැනීමට ලක් වූ ඉන්ධන ටැංකි හතරෙන් දෙකක් ද එන්ජිම හා නියාමක මැදිරියද ෙපීලි ගත කර හානි වූ මාර්ගය අලුත්වැඩියා කිරීම ඊයේ රාත්‍රි ආරම්භ කළ බව දුම්රිය පාලක මැදිරිය සදහන් කරයි.
ඒ අනුව අද (19) දහවල් සිට කොළඹ කොටුව හා මඩකලපුව අතර දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව දුම්රිය පාලක මැදිරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd