
(ජේ.ඉඳුරුවගේ)
කොළඹ කලාපයේ බස් රථ ප්‍රමුඛථා මංතීරු වැඩ සටහන හෙට සිට 14 දා දක්වා සති දෙකක කාලයක් නියමු ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබේ .
මේ අනුව මෙට සිට 14 දා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය වැල්ලවත්ත සැවෝයි සිනමා ශාලාව අසල සිට ගාලු පාර ,පිටකොටුව දක්වා බස් රථ ඇතුළුවීම පෙරවරු 6.00 සිට 9.00 දක්වාද මරදාන පාර බොරැල්ල හන්දියේ සිට පිටකොටුව ඕල්කට් මාවත ඇතුළුවීම පෙරවූ 6.00 සිට 9.00 දක්වාද පිටවීම පස්වරු 4.00 සිට 9.00 දක්වාද වන ලෙස ක්‍රියාත්මක කෙරෙන බව පොලිසිය පවසයි.
ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් සියලු බස් රථ ,පුද්ගලික බස් රථ ,පාසල් බස් හා වෑන් රථ ,කාර්යාල කාර්ය මණ්ඩල ප්‍රවාහනය කරන බස් රථ හා වෑන් රථ පමණක් මෙම මංතීරුවේ ධාවනය කල හැකි අතර වෙනත් වාහන ඉහත කාල සිමාවන්වල මෙම මංතීරුවට ඇතුල් කල නොහැකි බව පොලිසිය නිවේදනය කරයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හැමදාම සෝඩා බෝතලේ ඇරියා වගේ වැඩ. පිස්සු වැඩ නවත්තලා කල් පවත්නා ක්‍රමයක් පටන් ගන්න කවදා නිලදාරියෙක් බිහි වෙයිද මන්ද
ඒ මං තීරුවේ වෙන අයට බෑ. හැබැයි එයාලාට හැම මං තීරුවම පුළුවන්.. මළ විකාර.. මොකෙක් හරි එකෙක් නින්දෙන් ඇහැරුණාම ඔව්වා කරනවා.. ඊට පස්සේ ඉවරයි. දැන් ඔය කියන නියමු ව්‍යාපෘතිය කී සැරයක් කළාද? කරපු එව්වාගෙන් ඉගෙන ගත්තු දේවල් මොනවාද..? හැමදාම එකම තැන.. දැන් ඔය කියන දවස් 14දී විශාල මිනිස් පැය ගානකුයි, මහා ඉන්ධන කන්දරාවකුයි විනාශ කරලා ව්‍යාපෘතියත් අරන් කරපු එවුන් කාලෙකට ආයෙත් හැංගෙනවා.. ඔච්චරයි වෙන්නේ...!
පොලිස්පති සිහිනෙටද මන්දා අප්පා මේ එකම දේ ආයෙ ආයෙ ට්‍රයල් කරන්නේ