
(සමන් පාලිත නානායක්කාර )
පැවති ධාරානිපාත වර්ෂාව සමඟ කොළඹ බදුල්ල ප්‍රධාන මාර්ගයේ මරන්ගහවෙල සිට හපුතලේ දක්වා කිලෝමීටර 20ක පමණ මාර්ග කොටසට අද (19 )උදෑසන වන විට තැනින් තැන ගල් පෙරළී තිබේ.
ඉහළ කඳු මුදුන් වල සිට බුරුල් වී ඇති ගල් පර්වත පෙරලීමේ අවදානම තවදුරටත් පවතින බව පවසන පොලිසිය මෙම මාර්ග භාවිතයේදී දැඩි විමසිල්ලෙන් පසුවන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.
මේ අතර හල්දුම්මුල්ල ගිනිගත්ගල මාර්ගය ද පස් කන්දක් කඩා වැටීමෙන් එම මාර්ගයේ ඉහළ කොටසේ මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව ප්‍රදේශවාසීහු පවසති.
එම නිසා අද උදෑසන එම ගම්මාන වල සිට පාසල් කරා යන පාසල් සිසුන් හා රැකියා සඳහා යන එන්නන් දැඩි අසීරුතාවකට පත්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd