(සුජිත් හේවාජුලිගේ )
හදිසි අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ හතරකට හෙට (30) සෙනසුරාදා රාත්‍රී 9.00 සිට අනිද්දා (31) ඉරිදා පෙරවරු 8.00 දක්වා පැය 11 ක කාලයක් ජලය සැපයීම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජල පවහන මණ්ඩලය පවසයි.
මෙසේ ජල සැපයුම අත්හිටුවන ප්‍රදේශ වන්නේ කොළඹ 9, කොළඹ 10, කොළඹ 11 සහ කොළඹ 12 ය.
මහ කොළඹ ජල හා අපජල කළමනාකරණ වැඩිදියුණු කිරීමේ ආයෝජන වැඩසටහන විසින් සම්ප්‍රේෂණ ජල නළ පද්ධතියේ කරනු ලබන අත්‍යවශ්‍ය වැඩිදියුණු කිරීමක් හේතුවෙන් ජල සැපයුම මෙසේ අත්හිටුවන බව මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.
ජල සැපයුම විසන්ධි කිරීමේ හේතුවෙන් ජල පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතාව සම්බන්ධයෙන් කනගාටුව පළ කරන මණ්ඩලය ජලය කල්තබා රැස්කර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කොළඹ ප්‍රදේශ හතරකට හෙට පැය 11ක් ජලය නෑ
saman Friday, 29 July 2022 02:47 PM
එහෙම නම් පරණ විදියට වැසිකිලි යාමට වෙරළට යාම සිදුකළ හැක.