(නිමල කොඩිතුවක්කු)
හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (13) දිනයේ පැය 20 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව ගොරකපිටිය, සිද්දමුල්ල, ඇරැව්වල, රත්මල්දෙනිය, මහරගම - පිලියන්දල මාර්ගය, එදිරිසිංහ මාවත, මොරකැටිය පාර, මැදවල පාර, බෝකුන්දර පාර යන ප්‍රදේශවලට හෙට 10 සිට පැය 20 ක කාලයක් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය දැනුම් දෙයි.
පැලැන්වත්ත කනත්ත පාර පොම්පාගාරයේ සිදු කරනු ලබන හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd