
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කොළඹ සහ අවට ප්‍රදේශවල වැදගත් මර්මස්ථානවල රූප සටහන් ඇතුළත් පිටු 700 කින් සමන්විත පොතක් සන්තකයේ තබාගෙන කුරුඳුවත්ත ජාවත්ත පාරේ ඉතාලි තානාපති කාර්යාලය ජංගම දුරකතනයකින් ඡායාරූප ගත කරමින් සිටි පුද්ගලයකු අද අලුයම අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.
සැකකරු සන්තකයේ තිබී එම පොතට අමතරව, ප්‍රභූවරුන්ගේ සංවාද සටහන් සහ ඒවාට සැකකරු ලබා දුන් ප්‍රතිවිරුද්ධ පිළිතුරු ඇතුළත් සටහන් ඇතුළත් පොතක් හා දිනසටහන් පොතක් මෙන්ම ඡායාරූප ගත කරන ලද ජංගම දුරකථනය සහ යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇත.
ජංගම සංචාරයේ යෙදුණු පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් සැකකරු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන සඳහා කුරුඳුවත්ත පොලිසියට භාර දී ඇත.
කොළඹ පිටකොටුව මැණින් මාර්කට්හි සහෝදරයකු සමග එක්ව ව්‍යාපාර කටයුතුවල යෙදී ඇති මොහු මීට මාස හයකට පමණ පෙර එම කටයුතුවලින් ඉවත් කර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
54 හැවිරිදි සැකකාර පුද්ගලයා කොටුගොඩ යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යම්කිසි මානසික රෝගී තත්වයන්ගෙන් පෙළෙන අයත් මෙසේ හැසිරෙනවා .
පිස්සෙක් වෙන්න ඇති, මේ කාලේ අංගසම්පූර්ණ සිතියම් ඉන්ටනෙට් එකෙන් ඕනා හැටියකට ගත හැකියි, වීදි ඡායාරූප ඕන විදිහකට ගෙදර සිටම ගත හැකියි. එහෙම එකේ 60 දශකයේ වගේ රළු සිතියම් ඇඳ තොරතුරු එකතු කරන්නේ පිස්සෙක්ම තමා