(නිමල කොඩිතුවක්කු)

එළැඹෙන පළාත් පාලන මැතිවරණයේ සමගි ජන බලවේගයේ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මුජුබර් රහුමාන් මහතා නම් කිරීමට පක්ෂය ඒකමතිකව තීන්දු කරයි.

සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් පේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය ඊයේ (14) රැස්වූ අවස්ථාවේදී මෙම තීන්දුව ගෙන තිබේ.

එහි දී සමගි ජන බලවේගය කොළඹ නගරාධිපති අපේක්ෂකයා ලෙස මුජුබර් රහුමාන් මහතාගේ නම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් යෝජනා කළ අතර ඊට සියලු කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයන්ගේ ඒකමතික අනුමැතිය හිමිව තිබේ.