(යොහාන් භාසුර)

කොළඹ මහ නගර සභාවේ ඒකාබද්ධ විපක්‍ෂය සමඟ කටයුතු කළ මන්ත්‍රීවරු තිදෙනෙක් විපක්‍ෂයෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව අද (12) නිවේදනය කළහ.

කොළඹ නගර සභාවේදී අද (12) පැවැති එම නගර සභාවේ මැයි මස මාසික රැස්වීමේදී එම මන්ත්‍රීවරු ප්‍රකාශ කළහ.

පසුගිය පළාත් පාලන මැතිවරණයේදී ස්වාධීනව තරග කර ජය ලැබූ මොහොමඩ් මන්සිල්, ඉන්දික සංජීව ලියනගේ සහ එක්සත් ජාතික පක්‍ෂය නියෝජනය කරන සුනන්ද ලියනපතිරණ යන මන්ත්‍රීවරු එසේ ඒකාබද්ධ විපක්‍ෂයෙන් ඉල්ලා අස්වූහ.

සුනන්ද ලියනපතිරණ මන්ත්‍රීවරයා පැවසුවේ තමන් තව දුරටත් එක්සත් ජාතික පක්‍ෂයේ සාමාජිකයෙක් බවත් රීසා සරුක් මහතා විපක්‍ෂ නායකයා ලෙස කටයුතු කරන තෙක් තමන් ඒකාබද්ධ විපක්‍ෂයේ කටයුතු නොකරන බවත්ය.