(මනෝප්‍රිය ගුණසේකර)
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාව විසින් පත් කරනු ලැබීය.
විශ්ව විද්‍යාල ප්‍රතිපාද කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්යය කපිල සෙනෙවිරත්න මහතා විසින් විශ්ව විද්‍යාල පනතේ 34 (9) (බී) වගන්තිය යටතේ පැවරී ඇති බලතල අනුව පසුගිය 12 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි මෙම පත් කිරීම කර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිවරයා වශයෙන් කටයුතු කළ මහාචාරය එච්.ඩී. කරුණාරත්න මහතාගේ ධුර කාලය අවසන් වීමෙන් අනතුරුව යළි තමන් එම ධුරයට පත් කරන ලෙස ඔහු කර තිබු ඇයැදීම නොසළකා හරිමින් උප කුලපතිධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා පත් කර ඇත.
කොළඹ විශ්ව විද්‍යාලයේ පසුගිය කාලයේ සිදුවු බව කියන සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් ආරම්භ කර ඇති විමර්ශන කටයුතවලින් අනතුරුව කොළඹ විශ්ව විද්‍යාලයේ උප කුලපතිධුරයේ ස්ථිර පත්කිරීම කරන තෙක් එම ධුරයේ වැඩ ආවරණය කිරීම සඳහා මහාචාර්ය සේනක රාජපක්‍ෂ මහතා පත් කර ඇති බවද වාර්තාවේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
කොළඹ උප කුලපති පුටුවේ වැඩ බලන්න මහාචාර්ය සේනක රාජපක්‍ෂ පත් කරයි
C.K.Lankaputhra Wednesday, 16 April 2025 05:18 PM
රාජපක්ෂලාට නම් අපි බයයි මල්ලියේ...