(යොහාන් භාසුර)
කොළඹ - අවිස්සාවේල්ල මාර්ගයේ වැල්ලම්පිටිය මංසන්ධියේ සිට කොටිකාවත්ත මංසන්ධිය දක්වා මාර්ග කොටස හෙට (6) රාත්‍රී 10.00 සිට අනිද්දා (7) පස්වරු 5.00 දක්වා වසා තබන බව මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා පැවසීය.
ජාතික ජල සම්පාදන සහ ජලප්‍රවහාන මණ්ඩලයේ ඉල්ලීමකට අනුව එම ආයතනයේ හදිසි අත්‍යවශ්‍ය ඉදිකිරීම් කටයුත්තක් සදහා මෙසේ මාර්ගය වසා තැබීමට සිදුව ඇති බව ද වීරකෝන් මහතා කීය.
අවිස්සාවේල්ල සිට කොළඹට පැමිණෙන වාහනවලට කොටිකාවත්ත මංසන්ධියෙන් වමට හැරී, ගොතටුව, කොලොන්නාව හරහා දෙමටගොඩ දෙසින් බේස්ලයින් මාර්ගය හෝ කොලොන්නාව මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට ද, කොළඹ සිට අවිස්සාවේල්ලට පැමිණෙන වාහනවලට වැල්ලම්පිටිය පොලිස්ථානය ඉදිරියෙන් දකුණට හැරී, කොළොන්නාව හරහා ගොතටුව නගරයෙන් වමට හැරී කොටිකාවත්ත මංසන්ධියෙන් නැවත අවිස්සාවේල්ල මාර්ගයට පිවිසීමට හැකි බවත් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එල්. වී. එස්. වීරකෝන් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd