(අංජුල මහික වීරරත්න)
තෝරාගත් කුළුබඩු ආනයනය හා සැකසුම සහ තෙල් නිස්සාරණය,ඔයියෙරෙයාසින් හා අවශේෂ ස්වරූපයෙන් ප්‍රති අපනයනය කිරීමේ ක්‍රියා පටිපාටිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ කුළු බඩු මුල් ස්වරූපයෙන් අපනයනය කිරීමට වඩා අගය එකතු කළ නිෂ්පාදන ලෙස අපනයනය කිරීමෙන් වැඩි ආදායමක් ඉපැයීමේ ශක්‍යතාවය පවතින බව රජය පවසයි.
ජාත්‍යන්තර වෙළඳපොළ සඳහා සම්පූර්ණ නව නිපැයුම් ලෙස ඉහළ මට්ටමේ අගය එකතු කළ නිෂ්පාදන නිපදවීමට හැකිවන පරිදි මුල් ස්වරූපයෙන් ඇතැම් කුළුබඩු වර්ග ආනයනය කිරීම සඳහා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය සහිත ප්‍රමුඛ පෙළේ සමාගම් කිහිපයක් රජයට ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව එකී නිෂ්පාදකයන් හට සිය වෙළඳපොළ අවශ්‍යතාවය පුළුල් කර ගැනීම සඳහා මෙම අවසරය ලබාදුන් බව රජය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මපා මුන්ට මොලයක් නැති හැටි. මේකෙන් වෙන හානිය ගැන පොතක් ලියන්න පුලුවන්. ලංකාවේ ගුණය නැහැ බොලව් පිටරට කුලුබඩු වල. කාළකණ්ණි රට කනවා.