
(සුමිත් පොතුපිටිය)
කළුතර කටුකුරුන්ද ප්‍රදේශයේ අද රාත්‍රී සිදුවූ වෙඩි තැබිමකින් තිදරු පියකු මියගොස් ඔහුගේ 7 හැවිරි දියණිය තුවාල ලබා ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ අසුරුමුණි තස්මින් මදුවන්ත සිල්වා නමැති (38) හැවිරිදි තිදරු පියකු බව පොලිසිය කීය.
මියගොස් ඇති පුද්ගලයා කටුකුන්ද දුම්රිය පොළ පාරේ පදිංචි නිවසෙහි දරු තිදෙනා සමග රාත්‍රි ආහාරය ලබා ගනිමින් සිට ඇති බවත්,යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලාගොස් ඇති බවත් මෙතෙක් කළ පරීක්ෂණවලදී හෙලිව ඇතැයිද පොලිසිය සඳහන් කරයි.
ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරු ඇතැයි පොලිසිය සඳහන් කරයි.
මියගොස් ඇති පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධයෙන් පුද්ගලයකු බවද පොලිසිය සදහන් කරයි.
කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරී නිලධාරින්, කළුතර අපරාධ කොට්ටාශය , කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය, කළුතර පයාගල බේරුවල ස්ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් සහ විශේෂ කාර්ය බලකාය පරීක්ෂණ පවත්වති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටිරාන්ගේ මෙහෙයුමට මොකද උනේ ?................... දවසකට එක වෙඩි තැබීමක් හරි වෙනවා ................. මේ පාතාලය සහමුලින්ම නැතිකරන්න දුපත් රටකට පුළුවන්කමක් තියෙනවා හොඳ නිලධාරින් ඉන්නවා නම්
යුක්තිය මෙහෙයුවද දන්නේ නැහැ ටිරාන් පාරේ නඩු අහලා.. ආයුධ පෙන්නන්න ගෙනියන්නත් බැහැ නේ
මියගිය පුද්ගලයා අපරාධ රැසකට සම්බන්ධ බව පොලිසිය සදහන් කරයි .එහෙම නොකිව්වත් පිංතූරය දැක්කම ඒක පැහැදිලියි ඒත් දඩයක්කරුවෙක් වුණත් ආහාර ගනිද්දී සතෙක් මරන්නෙ නැහැ .මෙතන ඒගැන සළකා නැහැ හරියට 1988-89 කාලයේ ජෙප්පො එහෙම මිනීමැරුම් කලේ කිසිම අනුකම්පාවක් නැතුව තමා
අවි ගත්තෝ අවියෙන්ම නසිති
අවිගත්තෝ අවියෙන්ම නසිති
එදිරිමාන්න මූණ බලල අපරාධකාරයො කියන්න පුලුවන් නම් තමන්ට පුලුවන් අගවිනිසුරුවරයා වෙන්න. ලාබෙටම අපරාධ විසඳන්න. ජවිපෙට මෙතන මඩ ගහල ආචිචිගෙ හැඳුනුම්පත් හොයන අයගෙ මෝඩකම් පේනවනෙ. ඒකනිසා අරගලයෙ කාලෙ හැංගිච්ච අයගෙ කතා ගනන් ගන්න එපා
මූනේ පෙනුමනම් වෙඩිකන මුහුණක් තියෙන්නේ... ඔබතුමාට නිවන්සුව පතමු. දියණියට ඉක්මන් සුවය ලැබේවා.
මූට තියෙන්නෙ ගුටි කන මූනක්