(සුමිත් පොතුපිටිය)
කළුතර දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන්ගේ වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි කළුතර ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය නිලධාරියෙක් පැවැසීය.
සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාල කීපයකින් ලාදුරු රෝගීන් වාර්තාවී ඇතැයි ද ඔහු කියයි.
පානදුර , වාද්දුව , හොරණ ඇතුළුව තවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් කාර්යාල ගණනාවකින් රෝගීන් වාර්තා වන බව සදහන්වේ.
හදුනාගත් රෝගීන් පෞද්ගලිකත්වය ආරක්ෂා වන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුකර ඇති බවද සෞඛ්‍ය ආරංචි මාර්ග සදහන් කරති.
මේ සම්බන්දයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සදහා කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීන් කාර්යාලය විශේෂ රැස්වීමක් කැදවීමට කටයුතු කර ඇති බවද වාර්තාවේ
මේ පිළිබඳ අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ සෞඛ්‍ය වෛද්‍ය ප්‍රකාශකයෙක් සදහන් කළේ රෝගී පවුල් යම් ප්‍රමාණයක් වාර්තා වන බවත්. එවැනි රෝගීන් පිළිබඳ සොයා බැලීමට වෙනම සෞඛ්‍ය පරීක්ෂකවරයින් පත්කර ඇති බවත්ය.
සම මතුපිට හැගීම් නොදැනෙන ලප දක්නට ලැබෙන්නේ නම් ඉතා ඉක්මනින් රජයේ රෝහලක් වෙත යොමුවන ලෙසත් ලාදුරු රෝගය නිට්ටාවට සුවකල හැකි බවත් ප්‍රකාශකයා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd