IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘කළුතර බන්ධනාගාරයේ සිසිටිවි කැමරා 60 කට වඩා අක්‍රීයයි’

(සුමිත් ප්‍රේමතිලක) 

කළුතර බන්ධනාගාරයේ වසර දෙකකට  පෙර සවිකර ඇති සිසිටිවි කැමරා  60 කට වැඩි ප්‍රමාණයක් වසරක පමණ පෙරසිට   අක්‍රීයව පවතින බව  හෙලිව ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සදහන් කරයි.

බන්ධනාගාර  රැදවියෙකු පහරදීමකින් ඊයේ  (26)  මියයාම සම්බන්දයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමේදී මේ බව හෙලිව ඇත.

බන්ධනාගාරයේ ප්‍රධාන ගොඩනැගිල්ල, කාන්තා සිරමැදිරිය ඇතුළු වාට්ටු සියල්ලෙහිම මෙන්ම ප්‍රධාන දොරටුව, අවන්හල ඇතුළු ස්ථාන රැසක සවිකර ඇති  සිසිටිවි කැමරා මෙසේ අක්‍රීයව තිබේ.

මියගොස් ඇති තැනැත්තා  පහරකෑමට  ලක්වූ බව කියන සී වාට්ටුවේ ඉදිරිපිට ආරක්ෂක කැමරාවක් සවිකර ඇතත්,  එයද මේ වනවිට අක්‍රීය තත්වයේ පවතින බවත් , එය ක්‍රියාත්මකව තිබුනේ නම් සිදුවූ අපරාධයේ සුලමුල සොයාගැනිමට පහසුවන බවද පොලිසිය සදහන් කරයි.

මේ සම්බන්දයෙන් අදහස් දැක්වූ කළුතර බන්ධනාගාරයේ නම සදහන් නොකල උසස් නිළධාරීයෙක් මෙසේ පැවසීය. වසරකට පෙර සිට සීසීටීවී කැමරා පද්ධතියම අක්‍රීය වෙලා. එය බන්ධනාගාරයේ ආරක්ෂාවටද තරමක තර්ජනයක්.  මේ පිළිබඳ උසස් මූලස්ථාන වෙත දැනුම් දී ඇතත් මුදල් ප්‍රතිපාදන ගැටලු නිසා ප්‍රමාද වෙලා යනුවෙන් පැවසීය .

 



අදහස් (0)

‘කළුතර බන්ධනාගාරයේ සිසිටිවි කැමරා 60 කට වඩා අක්‍රීයයි’

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 115 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 921 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 629 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site