(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අඩු ආදායම්ලාභීන් නිවාස ණය වෙනුවෙන් ගෙවන ලද මුදල් වංචාවේ යෙදුණු ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කලුතර දිස්ත්‍රික් කාර්යාලයේ නිලධාරීන් කීප දෙනකු එක්ව අපහරන කමිටුවේ අවසරයක් නොමැතිව ණය අයකර ගැනීමට තිබෙන ලිපි ගොනු විශාල ප්‍රමාණයක් ගිනි තබා විනාශ කර ඇතැයි කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අතර මුදල් ලබා ගැනීමෙන් පසු පිටපතක් තබාගෙන රිසිට් පත් ලබාදුන් පොත් විශාල ප්‍රමාණයක් ඇතුළත්ව ඇතැයි එහි සේවකයෝ පිරිසක් කියති.
අඩු ආදායම්ලාභීන්ගේ නිවාස ණය මුදල් වංචාවේ යෙදුණු බව කීප දෙනකු එක්ව සහ රුපියල් ලක්ෂ 5 බැගින් උපහාර ණය ලබාගත් ඇතැම් උසස් නිලධාරීන් කිහිපදෙනකු එක්ව බව දැනගන්නට ඇත.
එම වංචාකාරී ගිනි තැබීමේ සිද්ධියට විගණන නිලධාරියකු ,කළමනාකරුවකු අධ්‍යක්ෂක මණ්ඩල සාමාජිකයකු ඇතුළු වූ කීප දෙනකු සෘජුවම සම්බන්ධ ඇති බවට තතු දත් ආරංචි මාර්ග පවසයි
මෙම කාර්යාලය දිස්ත්‍රික් මහලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ පිහිටා තිබෙන බැවින් නිවාඩු දිනක ( පෝය) දිනක එම කාර්යාලය විවෘත කරනවා නම් දිසාපතිවරයාගේ වරයාගෙන් ලිඛිතව අවසර ලබා ගත යුතු බවට චක්‍රලේඛන නිකුත් කර තිබියදී,එම චක්‍රලේඛන නීති රීති අමු අමුවේ උල්ලංඝනය කරමින් කීපදෙනකුගේ උවමනාවට ශ්‍රමදානයක් සිදු කරන මුවාවෙන් මුදල් අය කර ගැනීමට තිබෙන ලිපිගොනු මෙලෙස විනාශ කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි
එම ලිපි ගොනු රැගෙන යාම සඳහා සතොස ගබඩාවකින් පෝර උර අසූවක් පමණක් මිලදී ගෙන රුපියල් 9000 ක මුදලකට ලොරි රථයක් කුලියට ගෙන මිල්ලනිය හෑගල්ල වත්ත නිවාස ගම්මානේ පිහිටි ගබඩාව වෙත රැගෙන ගොස් එයින් බහුතරයක් ලිපිගොනු සහ රිසිට්පත් පිටපත් තිබෙන පොත් සැලසුම් සහගතව ගිනි තබා ඇති බව කාර්යාල ආරංචි මාර්ග කියයි
2025 දෙසැම්බර් මස 18
363
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කළුතර නිවාස ණය වංචාව යට ගහන්න ලිපිවලට ගිනි තබලා
යෝගා Wednesday, 14 September 2022 07:46 AM
මේ අය වංචා, දූෂණවලට විරුද්ධව ගෝල්ෆේස් එකේ බෝඩ් අල්ලන් ඉන්නත් ඇති...
fairoosWednesday, 14 September 2022 02:11 PM
අනේ මෙහෙමත් වහල්ලු... දේශපාලකයන් රටම හොරාකනකොට හුරේ දාපු අය...
මොහොඩයා Wednesday, 14 September 2022 11:35 AM
මේකෙන් පේන්නෙ ආණ්ඩුව වංචාව දූෂණයට එරෙහිව කුමක් හෝ ලොකු දෙයක් කරනවා හෝ කරන්න යන බවයි. නැතිනම් මෙච්චර කල් කිසිම බියක් නැතුව ගොඩගහලා තිබුණු ලිපිගොනු මේ හදිස්සියේ පුච්චන්නෙ මොකටද? හොරු තැතිගැනිලා නියමයි...