(බිමල් ශ්‍යාමන් ජයසිංහ,සුමිත් පොතුපිටිය සහ ඉන්දිකා රාමනායක)

කළුතර නගරයේ ලැගුම්හලකි ඇද වැටී  මියගිය 16 හැවිරිදි පාසල් සිසුවියගේ  මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය

දකුණු කළුතර සිසිලියන් වෝක් හෝටලයයේ පස් වන මහලින් දැරිය ඇද වැටී  මියගොස් තිබුණේ  ඉකුත් 6 වෙනි දිනය.

එම අභිරහස්  මරණය සම්බන්ධයෙන් මේ වන විට   දැරිය හෝටලේට රැගෙන ගිය බව කියන විසි නව හැවිරිදි විවාහක පුද්ගලයා අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග මත ප්‍රශ්න කරන අතර ලැගුම්හලේ හිමිකරුගේ බිරිඳ සහ දැරිය හෝටලයට රැගෙන යාමට උදව් උපකාර කළ බව කියන  තරුණයා සහ තරුණිය රිමාන්ඩ් භාරයට පත්කර ඇත

පොලිස්පති  සි. ඩි. වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් අද 11 සවස    දැරියගේ නිවසට ගොස් පරීක්ෂණ ආරම්භ කර තිබිණි