(අංජුල මහික වීරරත්න)
මෙරට සුළු හා මධ්‍යම ප්‍රමාණයේ කුළුබඩු නිෂ්පාදකයන් සියලු දෙනා ප්‍රමිති සහතිකය ලබා ගැනීම අනිවාර්ය බවට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නියෝගයක් නිකුත් කර තිබේ.
ඒ අනුව දෙසැම්බර් මාසයේ සිට අදාල ප්‍රමිති සහතිකය ලබා ලබාගැනීම අනිවාර්ය බව ජාතික කුළුබඩු සංස්ථාවේ සභාපතිනී කුමුදිනී ආර්යා ගුණසේන මහත්මිය සඳහන් කළාය.
අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ ගම්මිරිස්, එනසාල්, කරඳමුංගු, කරාබු නැටි, කුරුඳු වැනි කුළුබඩු ලෝකයේ රටවල් ගණනාවක ජනතාව භාවිත කරන අතර ඇතැම් කූඨ වෙළෙඳුන් විසින් තත්ත්වයෙන් බාල කුළුබඩු වර්ග අපනයනය කිරීම නිසා Sri Lanka Spice සන්නාමයට බරපතල හානි සිදු කර ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදේශීය වෙළදාම පමණක් නොවෙයි ලංකාවෙ පාරිභෝගිකයන් සදහා විකුණන ගමේ මිරිස් මෝලේ හදන ඒවාටත් ඔය නියමය කරන්න නැත්නම් ඉතින් මිරිස් කුඩු කියලා ඩයි දැමූ පිටි වර්ග විකිණීම අඩුවෙන්නෙ නැහැ ඒ වගේම ආහාර සදහා මිශ්‍ර කකරන ඩයි වර්ග විකිණීම සම්පූර්ණයෙන්ම තහනම් කරන්න
රට ඇතුලට ගෙන්නන මිරිස් තුනපහ ගෙන්වන කොටත් බලන්න ඔීන. ඉන්දියාවෙන් ගෙන්නන ඒවයි ඇෆලටොක්සින් තියනව. ඒව බලන්න එකෙක්වත් නැහැ.