IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා

(අංජුල මහික වීරරත්න)

කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ  උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.

එම ගොවි කම්කරු ජනතාව සමඟ කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යන බවද විජයවර්ධන මහතා කීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම අමතමින් එජාප නියෝජ්‍ය නායකයා මේ බව පැවසීය.

"රනිල් වික්‍රමසිංහ භාරගත්තේ බංකොලොත් වූ රටක්.එදා අරගල සමයේ රටේ නීතියක් තිබුණේ නැහැ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණේ නැහැ. ඉන්ධන පෝලිම්වල ජනතාව මිය යමින් සිටින තත්ත්වයක් උදා වුණා.

කාඩ්බෝඩ් නායකයන් කතා කරමින් සිටින විට අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. අනෙක් දේශපාලන නායකයන් වැඩ පෙන්නුවේ කටින් විතරයි. රනිල් වික්‍රමසිංහ තනි ආසනයක් තබාගෙන මුලින් අගමැති ධුරය  බාරගෙන අනතුරුව ජනාධිපති බවට පත් වී සුළු කාලයකින් රට බංකොලොත් බවින් මුදා ගැනීමට හැකි වුණා" යැයි විජයවර්ධන මහතා පැවසීය.



අදහස් (7)

කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යනවා

Perera Thursday, 02 May 2024 11:01 AM

කම්කරුවා එදාත් කට්ට කන කම්කරුවා අදත් කට්ට කන කම්කරුවා බොහොම අමාරුවෙන් ජිවිතේ ගැටගහන්නේ

:       0       0

Dilshan Thursday, 02 May 2024 12:15 PM

රුවන් තමයි සුපර් මෑන් , LOL

:       0       14

පිටරටවැසියා Thursday, 02 May 2024 01:40 PM

දුප්පත් ජනතාවට සහ කම්කරුවට බාල බෙහෙත්, කන්න බැරි හාල් සමගින් ආනයනය කරන ලද ඉන්දියානු සංගීතය. මැති-ඇමති වරුන්ට බාර් ලයිසන්...

:       3       19

Kazi Shajahan Thursday, 02 May 2024 04:07 PM

මේ සරේ කොළ කොඩි ගහගනිය.... හොරුත් එක්ක එකතු වෙලා තවත් කොළ කොඩි පෙන්වන්ඩ හදනවා

:       0       1

ගමේ එකාලා Thursday, 02 May 2024 04:58 PM

ජනතාව පන්නපු දුෂිත පවුල් පාලනේ උන්ට නම් අනාගතයක් හදලා දීපු බව නම් පේනවා .

:       0       1

Rohana Thursday, 02 May 2024 10:00 PM

රනිල් රුවන් නෑදෑයින්ගේ එජාප දේශපාලනය

:       0       1

sam Friday, 03 May 2024 09:24 AM

දැන් ගුරාද කෝච්චියට ඉස්සරහ හින්දා කොළ කොඩිය උස්සන් යන්නේ

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 434 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 244 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1032 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site