
(අංජුල මහික වීරරත්න)
කම්කරුවන් සඳහා අනාගතයක් සදා දුන් එකම පක්ෂය එක්සත් ජාතික පක්ෂය යැයි එජාප නියෝජ්‍ය නායක ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය.
එම ගොවි කම්කරු ජනතාව සමඟ කොළ කොඩිය ඔසවාගෙන ඉදිරියටම යන බවද විජයවර්ධන මහතා කීය. එක්සත් ජාතික පක්ෂයේ මැයි දින සැමරුම අමතමින් එජාප නියෝජ්‍ය නායකයා මේ බව පැවසීය.
"රනිල් වික්‍රමසිංහ භාරගත්තේ බංකොලොත් වූ රටක්.එදා අරගල සමයේ රටේ නීතියක් තිබුණේ නැහැ මිනිස්සුන්ට කන්න බොන්න තිබුණේ නැහැ. ඉන්ධන පෝලිම්වල ජනතාව මිය යමින් සිටින තත්ත්වයක් උදා වුණා.
කාඩ්බෝඩ් නායකයන් කතා කරමින් සිටින විට අභියෝගය භාරගත්තේ රනිල් වික්‍රමසිංහ පමණයි. අනෙක් දේශපාලන නායකයන් වැඩ පෙන්නුවේ කටින් විතරයි. රනිල් වික්‍රමසිංහ තනි ආසනයක් තබාගෙන මුලින් අගමැති ධුරය බාරගෙන අනතුරුව ජනාධිපති බවට පත් වී සුළු කාලයකින් රට බංකොලොත් බවින් මුදා ගැනීමට හැකි වුණා" යැයි විජයවර්ධන මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කම්කරුවා එදාත් කට්ට කන කම්කරුවා අදත් කට්ට කන කම්කරුවා බොහොම අමාරුවෙන් ජිවිතේ ගැටගහන්නේ
රුවන් තමයි සුපර් මෑන් , LOL
දුප්පත් ජනතාවට සහ කම්කරුවට බාල බෙහෙත්, කන්න බැරි හාල් සමගින් ආනයනය කරන ලද ඉන්දියානු සංගීතය. මැති-ඇමති වරුන්ට බාර් ලයිසන්...
මේ සරේ කොළ කොඩි ගහගනිය.... හොරුත් එක්ක එකතු වෙලා තවත් කොළ කොඩි පෙන්වන්ඩ හදනවා
ජනතාව පන්නපු දුෂිත පවුල් පාලනේ උන්ට නම් අනාගතයක් හදලා දීපු බව නම් පේනවා .
රනිල් රුවන් නෑදෑයින්ගේ එජාප දේශපාලනය
දැන් ගුරාද කෝච්චියට ඉස්සරහ හින්දා කොළ කොඩිය උස්සන් යන්නේ