(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය දෙන බව කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී අදද (6) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පිළිබඳ විවාදයේදීය.
විමල් වීරවංශ මහතා මෙසේද පැවසීය.
මේ ප්‍රශ්නය ඇතුළත වටේ වනලා වැඩක් නැහැ. ප්‍රශ්නයේ මහා පින්තූරය දකින්න ඕන. කෙහෙළිය එක යයි. ඊට පස්සේ කෙහෙළිය දෙක තුන එයි. වැඩක් වේවිද. මහා විසඳුමකට නොගියොත් සෞඛ්‍ය ක්ෂේත්‍රය කඩා වැටීම වළක්වන්න බෑ. ආර්ථික අර්බුදය නිසා මිනිස්සුන්ගේ පෝෂණ තත්ත්වය අඩු වෙනවා. හොද ආහාර පරිභෝජනය කරන්න ඇති හැකියාව අඩු වෙනවා. හදිසි මිලදී ගැනීම්වලින් වාසි ගන්න අය අර කුටියෙත් ඉන්නව. හදිසි මිලදී ගැනීම් යටතේ ඖෂධ මිලදී ගන්න සමාගම්වල ඥාතීන් ඉන්නවා මේ පැත්තෙ. ඒ නිසා සමහරුන්ට නම් කියන්න බෑ. මේ ඔක්කොම තක්කඩිකම් තමයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කටින් මොනවා කීවත් රාජිතගේ සටකපට උවමනාව ඉටුකරන විමල් දැන් අවලංගු කාසියකි. ඇමැති ඉවත් කිරීම මගින් සුවසේවය බේරාගත හැකි යයි සිතන අඳ බාල මානසිකත්වයට වීරවංස ද පත්වීම හරහා පෙන්වා දෙන්නේ ඔහු වැටී ඇති නරා වලේ ගැඹුරයි...
ඉදිරි මැතිවරණයේදී පුරවැසියන්ගේ සහාය පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකුට නෑ...