IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


කෙහෙළියගේ මල්වඩම් සිද්ධියේ අමු දර්ශන උසාවිය ඉල්ලයි

(රෝෂන් තුෂාර)

හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල  මහතාගේ කොළඹ 07 පිහිටි  නිල නිවස ඉදිරිපිට  වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානය මගින් මල් වඩම් තැබීමේ සිද්ධියට අදාල සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කුරුඳු වත්ත පොලිසියට ලබා දෙන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රූපවාහිනි මාධ්‍ය ආයතන වලට අද (21) නියෝග කළේය.

හිටපු අමාත්‍යවරයාගේ නිවස ඉදිරිපිට මල් වඩම් තබමින් සාපරධි බිය ගැන්වීමක් කළේ යැයි කියන සිවිල් අයිතිවාසිකම් පිළිබඳව වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව  මහතාට එරෙහි විමර්ශනය කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කළේය.

සිද්ධිය කැඳවූ අවස්ථාවේදී සැකකාර චමල් මහතා අධිකරණයේ පෙනී සිටි අතර  කුරුඳුවත්ත පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් රූපවාහිනී ආයතන කීපයක් ප්‍රවෘත්ති විකාශය මගින් ප්‍රචාරය කළ දර්ශන ලබාදී ඇතත් සංස්කරණය නොකළ දර්ශන ලබාදී නොමැති බැවින් අදාළ දර්ශන ලබා දෙන ලෙසට නියෝග කරන ලෙස ඉල්ලා සිටියේය.සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන නීතිපතිවරයා වෙත යොමු කර නීති උපදෙස් ලබා ගත යුතු බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය.

සැකකරු වෙනුවෙන් නීතිඥ මර්වින් සිල්වා මහතා පෙනී සිටි අතර මෙම නඩුව දේශපාලන කාරණා පදනම් කරගෙන පවරා ඇති එබැවින් අදාළ වීඩියෝ දර්ශන නරඹා සිය සේවා දායකයා මුදා හරින ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ වීඩියෝ දර්ශන නැරඹීමෙන් පසුව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවන්නේ නම් සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් තීරණයක් ලබා දෙන බව සඳහන් කළේය.

නිල නිවස ඉදිරිපිට මල් වඩමක් තබමින් සපරාදී බිය ගැන්වීමක් හා අපහාසයක් සිදු කර ඇති බවට අමාත්‍යවරයාගේ දියණිය වන හිරුණිකා රඹුක්වැල්ල  කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත .

ඉමියුනොගොලොබියුන් ඖෂධ වංචාව සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරමින් මල් වඩම්  තබමින් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීම  සම්බන්ධයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වීඩියෝ දර්ශන ලබාගැනීම සඳහා නියෝග නිකුත් කරමින් නීතිපතිවරයාගේ  උපදෙස් සහ වැඩිදුර  විමර්ශන වාර්තා පෙබරවාරි 10 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.



අදහස් (1)

කෙහෙළියගේ මල්වඩම් සිද්ධියේ අමු දර්ශන උසාවිය ඉල්ලයි

Pradeep Kumara Tuesday, 22 October 2024 08:40 AM

දැන් බලන් යනකොට ඖෂධ වංචාවට වඩා මල්වඩම් තියපු එක බරපතල වරදක් වගේනේ, අනේ පව් හිරුණිකා රඹුක්වැල්ල ගොඩක් බය වුණාද දන්නෑ...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 40 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 710 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 337 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site