
(ෂේන් සෙනෙවිරත්න)
මහනුවර වත්තේගම අධ්‍යාපන කලාපයේ කුණ්ඩසාලයේ පිහිටි කෙහෙළිය රඹුක්වැල්ල ආදර්ශ ප්‍රාථමික විද්‍යාලයේ නාමය වහාම ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කිරීමට මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය එස් එස්.බී.එස්. අභයකෝන් මහතා පියවර ගෙන තිබේ.
එසේම එම විදුහල මින් ඉදිරියට කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් නම් කොට තිබේ.
එම පාසල කුණ්ඩසාලේ රාජකීය ප්‍රාථමික විද්‍යාලය නමින් හැඳින්වීමට මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ව්‍යුහ කමිටුව විසින් අනුමැතිය ලබා දී තිබුණ ද එය ක්‍රියාත්මක නොවී පැවතුණි.
මේ අතර උඩදුම්බර සහ වත්තේගම අධ්‍යාපන කලාපයේ කටුගස්තොට ප්‍රදේශයේ මධ්‍යම පළාතේ හිටපු මහ ඇමතිවරයෙකුගේ (සරත් ඒකනායක) නමින් නම් කොට ඇති පාසල් දෙකකද එම නම් වෙනස් කරන ලෙස එම පාසල්වල ආදි සිසුන් දෙමව්පියන් සහ විවිධ වෘත්තිය සමිති දැඩි ලෙස ඉල්ලීම් කරමින් සිටිති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ වුණාට මෙතුමන්ලගේ පෞද්ගලික ධන පරිත්‍යාගවලින් හදපු මේ පාසල්වල නම් වෙන්කිරීම වැරදියි නේද?ලංකාවේ සෑම තැනකම සිනා.
එකක් දේශපාලුවෝ හොරුන්ගේ නම් දාන්නේ නැතුව පැරණි රජවරුන්ගේ නම් දාන්නකෝ කොච්චර ලස්සනද .උදාහරණ මහසෙන් මහා දේවාලය
රඹුක්වැල්ල ගමේ නමත් ,ග්‍රාම නිලධාරී කොට්ටාශයේ හෝ නගරයේ තියනවානම් මේ නමත් ඉවත් කරන්න .මෝඩ වැඩ .මෝඩ වැඩ සහ ගොන්කම
එතකොට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලය ?
කෙහෙළිය රඹුක්වැල්ලගේ නම ගැලපෙන්නේ වෛද්‍ය විද්‍යාලයකට. ප්‍රසිද්ධ කොම්පැණි හදන බෙහෙත් එයා ලංකාවේ ගෙයි පිලිකන්නේ තියාගෙන හදපු ගෞරවයම මදිද…?
මල් ශාලාවකට ඔය නම දැම්මා නම් හොඳ නැද්ද.?