
(යොහාන් භාසුර)
බාල ඖෂධ මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ මානව හිමිකම් උල්ලංඝනය වී ඇතැයි ඒ මහතාගේ දියණිය වන චමිත්‍රී රඹුක්වැල්ල ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම් සභාවට පැමිණිල්ලක් අද (27) පෙරවරුවේ ඉදිරිපත් කළාය.
රක්ෂිත බන්ධනාගාරගතව සිටින සිය පියාගේ මානව හිමිකම් කඩවී ඇති බැවින් ඒ පිළිබඳ වහාම පරීක්ෂණයක් කර සාධාරණයක් ඉටුකරන ලෙස එහිදී ඇය මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටියාය.
(ඡායාරූප ගයාන් අමරසේකර)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කෙහෙළිය ගෙනාපු බාල බෙහෙත් බීලා විවිධ සංකූලතා ඇතිවෙලා මැරුණු මිනිස්සුන්ගේ මානව හිමිකම්...
මැරුණු ලෙඩ්ඩුන්ගේ මානව හිමිකම් වලට මොකද වෙන්නේ?
මානව හිමිකම් තියෙන්නේ මනුස්සයාට මිස තිරිසනුන්ට නෙවෙයි.
එතකොට බාල බෙහෙත් ගත්ත රෝගීන්ගෙ මානව හිමිකම් ආරක්ෂා වෙලාද? බාල බෙහෙත් අරන් මියගිය, ඇස් අන්ධ වෙච්ච අය ගැන මැයගේ අදහස මොකක්ද දන්නෑ??? බන්ධනාගාර ඉස්සරහත් මල් ශාලා තියෙන බවත්, බෙන්ස් අවමංගල රථත් තියෙනබවත්, මතක තබා ගන්න....!!!
කන්න බොන්න නොදී බඩගින්නේ තියලා මරන්න ඕන එකෙක්
රෝගීන් මැරුවා මදිවාට තව මානව හිමිකම් ගැනත් කතා කරන්න එනවා.
බාල ඖෂධ ගෙන්වපු අයටයි.. ඔවුන්ගේ පවුලේ අයට සහ ගෙන්වන්න උදව් කරපු අයයි, ඔවුන්ගේ පවුලේ අයටයි ශාප වේවා !!
හොඳ වේලාවට ප්‍රභාකරන්ගේ පවුල ජීවත්වෙලා හිටියේ නැත්තේ, නැත්නම් උන්දෑත් යනවා මානව හිමිකම් කොමිසමට.. තමන්ගේ මහත්තයාගේ මානව හිමිකම් කඩවුණා කියලා...
ඔක්කොම නාට්‍ය... අපිට තේරුම් ගන්න තියෙනවා. ඡන්දය ඉවරයි.
එහෙනම් මේ රටේ සියලුම මිනිස්සු මෙයාට එරෙහිව මානව හිමිකම් එකට යායුතු සහ අපරාධ නීතිය යටතේ කෙහෙලියට නඩු දැමිය යුතුයි. බාල බෙහෙත් ගෙනත් මේ රටේ සියලුම මිනිස්සුන්ගේ ජීවිත අවදානමකට ලක්කරලා විලිලැජ්ජා නැතිව මානව හිමිකම් යනවා...!
හොඳට පෘෂ්ටිමත් මෙයාව හොඳයි... ගෙනාපු බාල බෙහෙත් ඔක්කොම දීලා පරීක්ෂණ කරන්න. අවුලක් නැතිවුණොත්, රටේ රෝහල්වලට නැවත බෙදාහරින්න පුළුවන් තත්ව සහතිකයකුත් සමග...!
අනේ මට ආයෙමත් එක්සත් ජාතීන්ගේ නියෝජිතයා වෙන්න අවස්ථාවක් අරන් දෙන්නකෝ... ඔන්න ඕකයි සරලවම තාත්තව එළියට ගන්න වුවමනාව...!
නිවන් සුව
අර කෙහෙළිය රුධිර බැංකුවෙන් අරන්දුන්නු හියුමන් ඉමිනෝග්ලොබින් හදන්න කියලා නොමිලයේම රුධිරයට මොකද උනේ
මේ දුවට හොඳයි තාත්තගේ වැඩකෑලි... මේ පිළිතුරු වලින් ලැබෙනවානේ තමන්ගේ තත්වය හදාගන්න බැරිව මොනවා කරනවාද?
තම පියා කළ වරදේ බරපතලකම නොදන්නවා විය හැකියි. බාල බෙහෙත් ගෙන්වීම කියන්නේ සමාවක් දිය නොහැකි වරදක්... අහිංසක ලෙඩ්ඩු මොනතරම් බලාපොරොත්තු ඇතිවද රෝහලකට යන්නේ. එවැනි අහිංසක ලෙඩ්ඩු කීයකගේ ජීවිත විනාශවෙලා ඇතිද?
කෙහෙලියටත් මානව හිමිකම් අදාලයි. කොහොමද? රිමාන්ඩ් හිරකරුවෙකුට දෙන දේවල් නොදුන්නොත්. නැතිව මේ සමාජයේ වැරැදි වැඩකරලා හිරේ දැම්මාට නෙමෙයි.
ළමයින්ට යන්න පරිත්‍යාග කළ වාහනය පාවිච්චි කළේ කොහොමද කියලා අහන්නකෝ..!
ඇත්ත නේන්නං... මෙයාට බේත් ගෙනත් දෙන්නත් ඕනෑ.. පස්සේ හිරේ යන්නත් ඕනෑ. මාර වැඩක් නේ...
ඇගේ ඉල්ලීමට විරුද්ධව කවුරුත් ඉදිරිපත් නොවුණොත් මොකක්ද වෙන්නේ කියලා නොදන්නා කමට අහන බව කරුණාවෙන් සලකන්න...!
කාට හරි පුළුවන් නම් මේකේ දමා තියෙන කමෙන්ට්ස් ටික ඔය දුවට පෙන්වන්න එයාගේ තාත්තාට මිනිසුන් සාපකරන හැටි බලන්න...!
මේ වගේ අපරාධ කරන අය මොන අපායකට යන්නද? මොවුන්ට සමාජයේ මහත්වරු වගේ ඉන්න ලැජ්ජාවක් නැතිද?
මොකටද මානව හිමිකම් යන්නේ? හොඳටම බීපු වෙලාවක මෙහෙ එන්න... නැතිනම් අමාරුයි...!
තාත්තා හොරාකාපු සල්ලි වලින් සැප ගන්නේ මේගොල්ලොනේ ,දැන් හරි අමාරුයි .අර ඇස් අන්ධ වෙච්ච අහිංසකයින්ට කරපු අපරාදේ තමා ඔය.
මුන් ඔක්කොම මේ හොරකම් වලට සම්බන්ධයි කදවු හරි මේකීට විරුද්ධවත් පැමිණිලි කරන්න මුන් මහා කාලකන්නි හොර පවුලක්
ලැජ්ජා නැති ඇමති දෝනි.යකෝ එතකොට ආදර පියාණන් වහන්සේ .අපිට බාල බෙහෙත් පොවලා කරපු දේට මොකද වෙන්නේ.ඒවා මානව හිමිකම් නෙවෙයිද ?ඔය රෝත්තටම ඊළඟ චන්දෙන් හොඳ පාඩමක් උගන්වන්න ඕන
තාත්ත මිනිස්සු මරල හම්බකරපු සල්ලි වලින් සැප අරං , දැන් තාත්තා වෙනුවෙන් මානව හිමිකම් යනවා, උබලට ඔය පව් මෙලොවදීම පල දෙනවා
තාත්තා කරපු වැඩවලින් සැප වින්ද ළමයින්ටත් විඳවන්න වෙනවා..