(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද සදහන් කළේය.
ඖෂධ මිලදී ගැනීමට මුදල්වල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන අද වැඩබලන මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරනවා. ඖෂධ මිලදී ගැනීමට මුදල් ගැනීමට හැකියාවක් නැත්නම් එය මේ සභාවට දැනුම් දෙනවා. මේ මුදල සොයාගන්න බැරිනම් තනතුරු දැරීමේ බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම කළොත් එය සමාජයට කරන, සෞඛ්‍ය සේවයට කරන විශාල අඩුපාඩුවක් වෙනවා.එහෙම අඩුපාඩුවක් වුණොත් ඒ වගකීම මට බාරගන්න බැහැ.
ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ බරපතළ ගැටලු තියෙනවා. මිලදී ගැනීම් ක්‍රියාවලියේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණයට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන කනගාටුව පළ කරනවා. අධිකරණ ඇමැතිතුමා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙහෙළිය තීරණයක් ගන්න යයි
Sunil Thursday, 22 June 2023 11:04 AM
තිබෙන සොච්චමෙනුත් බාල ඖෂධ ගෙනවිත් ,එයිනුත් යටි මඩි ගසමින් ජන ජීවිත විනාශ කරපල්ලා . රට කාලකන්නි
sena Thursday, 22 June 2023 11:11 AM
අනේ යනවානම් කොච්චර හොඳද
Don Wije Thursday, 22 June 2023 11:36 AM
ගන්න ගන්න හනිකට තීරනය ගන්න දැනුත් පරක්කු වැඩි ඉන්දියාවෙන් බාල ඖෂධ ගෙනවෙ අපිද හදිසසියෙ.
Asanga Thursday, 22 June 2023 11:45 AM
ඔබතුමා පිටරට ගිහින් ජොලි කරල කකුල් කඩාගෙන ඒක හොඳ කරන්න ගත්තු මහජන සල්ලි ආපසු ගෙවන්න බැරිද?
Candana Thursday, 22 June 2023 12:11 PM
මොනතරම් ලොකු දෙයක්ද යන්වනම් , යවාගන්න බැරිවනෙ ඉන්නෙ , මෙහෙම කියන අය මොනතරම් හිටිද මිට පෙරත්.