(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඖෂධ ගැනීමට ප්‍රමාණවත් මුදල් නොදෙන්නේ නම් මේ තනතුරු තවදුරටත් දැරීමේ බලාපොරොත්තුවක් නැතැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (22) පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඖෂධ හිඟය සම්බන්ධයෙන් මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේද සදහන් කළේය.
ඖෂධ මිලදී ගැනීමට මුදල්වල ප්‍රශ්නයක් තියෙනවා. අපි මේ ගැන අද වැඩබලන මුදල් ඇමතිතුමා එක්ක සාකච්ඡා කරනවා. ඖෂධ මිලදී ගැනීමට මුදල් ගැනීමට හැකියාවක් නැත්නම් එය මේ සභාවට දැනුම් දෙනවා. මේ මුදල සොයාගන්න බැරිනම් තනතුරු දැරීමේ බලාපොරොත්තුවක් නැහැ. මොකද එහෙම කළොත් එය සමාජයට කරන, සෞඛ්‍ය සේවයට කරන විශාල අඩුපාඩුවක් වෙනවා.එහෙම අඩුපාඩුවක් වුණොත් ඒ වගකීම මට බාරගන්න බැහැ.
ඖෂධ ගෙන්වීමේ ක්‍රියාවලියේ බරපතළ ගැටලු තියෙනවා. මිලදී ගැනීම් ක්‍රියාවලියේ කාලය පිළිබඳ ප්‍රශ්නයක්. අධිකරණයට අපේ ගෞරවයක් තියෙනවා. නමුත් අධිකරණය ගන්න සමහර තීන්දුවලින් අපිට යම්කිසි බලපෑම් ඇතිවෙලා තියෙනවා. ඒ ගැන කනගාටුව පළ කරනවා. අධිකරණ ඇමැතිතුමා සමග ඒ පිළිබඳව සාකච්ඡා කරනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිබෙන සොච්චමෙනුත් බාල ඖෂධ ගෙනවිත් ,එයිනුත් යටි මඩි ගසමින් ජන ජීවිත විනාශ කරපල්ලා . රට කාලකන්නි
අනේ යනවානම් කොච්චර හොඳද
ගන්න ගන්න හනිකට තීරනය ගන්න දැනුත් පරක්කු වැඩි ඉන්දියාවෙන් බාල ඖෂධ ගෙනවෙ අපිද හදිසසියෙ.
ඔබතුමා පිටරට ගිහින් ජොලි කරල කකුල් කඩාගෙන ඒක හොඳ කරන්න ගත්තු මහජන සල්ලි ආපසු ගෙවන්න බැරිද?
මොනතරම් ලොකු දෙයක්ද යන්වනම් , යවාගන්න බැරිවනෙ ඉන්නෙ , මෙහෙම කියන අය මොනතරම් හිටිද මිට පෙරත්.