
( කහවත්තේ තුෂාර හෙට්ටිආරච්චි )
කහවත්ත වැල්ලඳුර නිවසක් තුළ කාන්තාවක් කපා කොටා මරා දමා ඇතැයි කහවත්ත පොලීසිය සඳහන් කරයි.
මෙසේ මරා දමා ඇත්තේ වැල්ලඳුර වෙලේවත්ත පදිංචි ව සිටි ජයසුන්දර මුදියන්සේලාගේ විනීතා ජයසුන්දර නැමති 71 හැවිරිදි තිදරු මවකි.
දියණිය සමඟ නිවසේ රැඳී සිට ඇති අතර දියණිය වැඩ ඇරී නිවසට පැමිණෙන විට මව කැපුම් තුවාල සහිතව වැටී සිටි බැවින් පොලිසිය ට දැනුම් ද ඇත.
ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත පොලීසිය වහාම පරීක්ෂණ ආරම්භ කර ඇති බව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රටේ මේ නරුම වැඩ අධික වී ඇත්තේ, මෙවැනි අපරාධ වලට නිසි දඬුවම් නොලැබීම නිසයි.
කාලෙකට පෙරත් ඔය ගමේම කාන්තාවන් කී දෙනෙක් මැරුවාද කියලා කිසිවෙකුට මතකයේ නැතුව ඇති කොහොම වුනත් ඒකට කවුරුහෝ අත් අඩංගුවට අරගෙන සිට නැවතත් ඇවිල්ලා නම් ඒකා පුරුදු වැඩට බැහැල ඇති කවුරු මොනවා කලත් කලු රෙද්දට කරන්න බැරි දෙයක් නැහැ