IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


කහවත්තේ මව ඝාතනයට බාල දුව සැකපිට

(තුෂාර හෙට්ටිආරච්චි)

කහවත්ත වැල්ලඳුර නිවසක දී ඝාතනයට ලක් වූ මවගේ මරණයට සැකපිට සිය බාල දියණිය අද අළුයම 3.30 ටපමණ (16) අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලීසිය පවසයි.

පසුගිය 13 දා වැල්ලඳුර වෙලේවත්ත පදිංචි ජයසුන්දර මුදියන්සේලාගේ විනීතා ජයසුන්දර නැමති හැත්තෑ එක් හැවිරිදි කාන්තාව සිය නිවස පිටුපස ගෙල කපා මරා දමා තිබුණි.

අත්අඩංගුවට ගෙන ඇත්තේ ඝාතනය ට ලක්වූ මවගේ බාල දියණිය වන  තිස්අට හැවිරිදි අවිවාහක තරුණියකි.

ඇය කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සංවර්ධන නිලධාරිනියක ලෙස ⁣සේවය කරයි.

මියගිය කාන්තාව ගේ අවසන් කටයුතු සිදු කිරීමෙන්  අනතුරුව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා දරුවන් හා ඥාතීන්    පොලීසියට කැඳවා සාක්ෂි සටහන් කරනු ලැබීමෙන් පසුව මෙම අත්අඩංගුවට ගැනීම සිදුකළ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් දියණිය  තම මව නිවස තුළ දී ගෙල කපා මරා පැය කිහිපයක ට පසුව  නිවස පිටුපස ගෙන ගොස් දැමූ බවට පොලීසිය සැක කරයි.

පසුව නිවස තුළ විසිර තිබූ ලේ පැල්ලම් සියල්ල ඉවත්වන සේ සම්පූර්ණයෙන් ම ගෙබිම සෝදා පිරිසිදු කර ඇතැයි පොලිසිය කියයි. පරීක්ෂණ කටයුතු නොමග යැවීම සඳහා එසේ කරන්නට ඇතැයි පොලීසිය සැක කරයි.

ඝාතනය සිදු කිරීමෙන් පසුව පෙරවරු 11.40 සිය සේවා ස්ථානයට වාර්තා කර පස්වරු 3.40 ට නැවත කාර්යාලයේ සිට නැවත නිවසට පැමිණෙන්නට ඇති බවට ද පොලීසියට බලවත් සැකයක් මකුවී ඇතැයි පොලීසිය පවසයි.

එදින පස්වරු 3.50 ට පමණ නිවස ට පැමිණ ඇති සැකකාරිය තම මවට කරදරයක් සිදුව ඇති බවට කෑ ගසන විට අසල්වැසියන් කිහිප දෙනෙකු නිවසට පැමිණ තිබේ.

ඒ අතර කහවත්ත පොලීසිය වෙත ද මව මරාදමා ඇති බවට දුරකතන ඇමතුමක් ලබා දී ඇත්තේ ද මෙම සැකකාරිය විසිනි.අසල්වාසීන් විසින් බිම ඇද වැටී සිටි කාන්තාව රෝහලට ගෙන යාමට සැරසෙන විටත් අදාල මියගොස් සිටි බව ට පොලීසිය වෙත සාක්ෂි ලැබි ඇත.

මියගිය මවගේ දේහයට අඩි කිහිපයක දුරින් සැකකාරිය ගේ අත්ඔරලෝසුව වැටී තිබී හමුවී ඇති බවත් රත්නපුර පොලිස් නිළ සුනඛ කොට්ඨාශය  කරන ලද ස්ථානීය පරීක්ෂණවලදී ද පොලිස් නිළ සුනඛයා නිවසින් බැහැරට නොගිය බව පොලීසිය කියයි.

මෙම ඝාතනය ට අදාල ව අනාවරණය වූ කරුණු මත පදනම් ව කිසියම් බාහිර පුද්ගලයකුට මෙය සිදුකළ නොහැකි බව පෙනීයන හෙයින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කරුණාරත්න මහතා පවසයි.

 

 



අදහස් (4)

කහවත්තේ මව ඝාතනයට බාල දුව සැකපිට

Sachith Saturday, 16 December 2023 08:08 AM

කහවත්ත, පොලිසියෙන් කියන කතා... මේවා අලුත් දේවල් නෙවෙයිනේ අපිට...!

:       0       0

prase Saturday, 16 December 2023 08:49 AM

ඔන්න කාන්තාවෝ රජවැඩක්... පාර්ලිමේන්තුවේ කාන්තාවෝ ගැන කතා කරකර ඉන්න නෝනලා මේක ගැන පිරිමින්ට ඇඟිල්ල පෙන්නයි.

:       0       0

රොෂාන් Saturday, 16 December 2023 09:19 AM

මේ නිව්ස් එක මුලින්ම යනකොට නිව්ස් එකේ කියපු කාරණා ඇහෙනකොට මටත් කෙලින්ම සැක හිතුනේ මේක දුවගේම ගේම් එකක් කියලා...!

:       0       0

මාදම්පේ විජේ සිල්වා Saturday, 16 December 2023 11:07 AM

අලුගෝසු කාන්තාවට උසස් අධ්‍යාපනය ලබාදීමට මියගිය අම්මා කොතරම් මහන්සි වෙන්න ඇද්ද .රටේ උගතුන් හැටියට සලකන පිරිසත් මෙහෙම නම් අනෙකුත් අය ගැන කවර කතාද.කොහොම වුනත් මේකට ලංකාවේ අධ්‍යාපන ක්‍රමය හේතුවක් නැහැ කියන්න අමාරුයි .කහවත්තේ ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ ඇය සමග එකට ආහාර ගත්තු පිරිස ප්‍රවේශමෙන් ඉන්න කියන්න කැමතියි .ඔහොම කරන්න පුළුවන් කෙනෙකුට කාර්‍යාලයේ අය මොනවා කරන්න බැරිද

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 93 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 897 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site