(මොහොමඩ් ආසික්)
කැනඩාව, කොරියාව සහ ජපානය යන රටවල්වල ආයෝජකයින් විශාල පිරිසක් මෙරට කසළ කළමනාකරණය සඳහා විශාල වශයෙන් ආයෝජනය කිරීමට සූදානමින් සිටින බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා කීය.
අද (25) අකුරණ නගරයේ පැවැති සිරිසර පුරවර ජංගම සේවයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා එසේ කීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.
‘‘මධ්‍යම පළාතේ කසල කළමණාකරණය ගැන ගත්විට අකුරණ ප්‍රාදේශිය සභාව විශාල වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා. ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමතිවරයා හැටියට මේ දිනවල කැනඩාව කොරියාව සහ ජපානය ආදී රටවල ආයෝජනයින් විශාල ප්‍රමාණයක් අපේ රටේ කසල කළමණාකරණ ව්‍යපෘති සඳහා ආයෝජනය කිරීමට මා සමඟ සාකච්ඡා කරමින් පවතිනවා. අපේ රට ගැන බැලුවොත් අපට කසල මදි. ලංකාවේ තියෙන මුළු කසල ප්‍රමාණය වගේ හතර ගුණයක් ඉන්දියාවේ බොම්බායි නගරයේ තිබෙනවා. කසල කියන එක මේ වනවිට වාණිජ භාණ්ඩයක් ලෙසයි සලකන්නේ...‘‘ යැයිද අමාත්‍යවරයා මෙහිදී කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එල එල 10% කින් තව පරම්පරාවක් ගොඩ...
කසල මදි නම් හොඳයි මහත්තයෝ... ඉන්දියාවේ ජන ගහනයයි, රටේ භුමි ප්‍රමාණයයි ගැන අවබෝධයක් නෑ වගේ කතා කරන්නේ..
ලංකාවේ තියන ලොකුම හා මුළු ලෝකෙම ගඳ ගස්සන කසල තොගය තියෙන්නේ දියවන්නාව ආශ්‍රිතවයි. අන්න එතැනින්ම පටන්ගත්තා නම් වඩාත් යෝජිතයි. නැතිනම් වෙන්නේ කසල කළමනාකාරීත්වය කියලා ලෝකෙම තියන ජරාව ලක්වැසියන්ගේ රට තුළට සුළු අතලොස්සක් ගෙනඒමට ක්රියාකිරීමයි.
ඔබතුමාගේ කොමිස් කුට්ටිය කීයද?
ජර්මනියේ නිපදවා තිබෙන, දැනට බංග්ලාදේශයේ පවා පාවිච්චි කරන ප්ලාස්ටික් කසල වලින් ඉන්ධන නිපදවන මැෂිම අපිටත් ගතහොත් නරකද?
කියනකොට මෙහෙමයි. කසල මදි කියන්නේ තියන ටික හරියට කලමනාකරණය කරලා වගේනේ... ඔක්කොම සුරංගනා කතා විතරයි...
ඉතින් කොහොමද කොමිස් තත්වය එහෙම...?
මේ මහත්තය මේ කියන්නේ පාර්ලිමේන්තුව කළමනාකරණය ගැනද?
සමාජ මාධ්‍ය ජාලවල දැක්ක කැනඩාවේ කුණු කන්ටේනර් කාම්බෝජියාවටත් ගිහිල්ලා තියෙනවා. කොහොම ආයෝජනයක්ද දන්නේ නැහැ. හොඳ දෙයක් වෙලා නගර පිරිසිදු වුණොත් හොඳයි.
ඇයි ඉතින් කියව කියවා ඉන්නේ බූත කතා... කතාව අඩුකරලා වැඩේ කළොත් නරකද? දැන්වත් වටිනා මිනිස් කාලය අපතේ නොයොදා ඉක්මණින් වැඩ කරන එකනේද ගොයියෝ තමන්ගේ වගකීම..?
හා හා එ්කට කමක් නැහැ. ඔය තියෙන කසල හොඳටම ඇති අපිට පාර්ලිමේන්තුවේ ඉඳලම, අර කලින් කෙනෙක් කන්ටේනර් ගණන් ගෙනාවා වගේ ගේන්න ලෑස්ති වෙන්න එපා ලෝකේ තියෙන කුණු මෙහෙ. හොඳේ..!!!
පිස්සු තමයි.
වැඩිපුරම "කසල" තියෙන දියවන්නාවේ නරි ගාල" වසා දැමූ දවසක රටේ කුණු ප්රශ්නය ඉබේම විසඳේවි..
කසල ප්‍රතිචක්‍රීකරණය කරන නව නිපැයුම් යන්ත්‍රයක් පිළිබඳ පසුගිය කාලයේ කතා වුණා. රටේ සම්පත් වලින් ප්‍රයෝජනයක් නොගෙන අපේ කුණු ටිකත් කළමනාකරණය කරන්න පිට රටට දෙන්න තරම් අපි නොහැකියාවෙන් පිරුණු ජාතියක් වුණාද මන්දා...
කසල කියපුවාම වර්ග ගොඩක් තියෙනවා. මොන වර්ගයේ කසලද අපිට මදි කියලා පැහැදිලි කළා නම් ගොඩක් වටිනවා. ජපානෙත් ලක්ෂ 10 - 15ක් ජනගහනය ජීවත් වෙන ප්‍රදේශවල කසල අංගන සහ කසල කළමනාකරණ කර්මාන්තශාලා පවත්වාගෙන යනවා. එහෙම එකේ ලක්ෂ 220 ක් ඉන්න අපේ රටේ කර්මාන්තශාලා කීපයක්ම පවත්වාගෙන යන්න බැරි අයි? මම එකක් අහන්න කැමතියි.. මේ රටේ සියලු නගර සභා සහ ප්‍රාදේශීය සභාවලින් ජනතාවගෙන් බදු අයකරන්නේ මොනවා කරන්නද...?
කාට දුන්නත් කමක් නෑ... ගාණ කැපෙනවද බලන්න. (ලංකාවේ එහෙම වෙන්නෙ නෑ. එහෙම වෙන්නේ එංගලන්තේ...)
ඕකට හොඳම විසඳුම තමයි ලංකාවේම කසල ටික දියවන්නාවට ගෙනත් දැමීම... මෙයාලා ඉස්සෙල්ලා බලයේ ඉන්න කාලෙත් ඕකට ආයෝජන ආවා. කොහෙද ඉතින් කොමිස් කුට්ටියට ඒ අය එන්නේ නෑනේ... ලොන්ඩරි වැඩේ මිසක් වෙන දෙයක් හරියන්නේ නෑ..
කිසිම රටක් අවශ්‍ය නැහැ. අපේම රටේ බුද්ධිමත් මහතෙකු මේ කුණු ප්රශ්නය විසඳන්න ඉදිරිපත් වන නමුත් නුඹලා වැනි ඇමතිලා නිසා කරගන්න බැරිවුනේ ඉල්ලන කොමිස් මුදල අති විශාල නිසා. දැන් වෙනත් රටවල් හොයන්නේ කොමිස් එක තෙගුණයක් වූ නිසාද? ඇයි අපේ රටේ කෙනෙකුට දෙන්න බැරි? ඕනෑදෙයක් විසඳගන්න ලේසිනේ නොදන්නා ඉංග්‍රීසියට වැඩිය... රට කරනවා අතේ සතේ නැහැ. බැංකු දේපල මේ සියල්ලම මංකොල්ල කාලා දැන්, ජනතාවගේ ඉවත දමන කුණු කන්න තරම් පහත් තත්වයට නායකයින් වැටිලා, මොලේ වෙහෙසන්නේ රට ගොඩගන්න නෙමේ තමා සහ තමාගේ පවුල ගොඩගන්න. මේ අැමැතිලාගේ කට දෙපැත්තට අකුණු නොවදින කුළුණු සවිකරන්න ඕනෑ.
ඒකටත් සුද්දෝ ඕනේ. කසල කියන්නේ මුදල් කරන්න පුළුවන් සම්පතක්. ලංකාවේ කසල මදිලු. ඒ කියන්නේ ආයෝජනය කරන රටට ඉඩදෙන්න වෙනවා. අහල පහළ රටවලින් ඉන්දියාවෙන් එහෙම කසල අරන් එන්න. හොඳයි වැඩේ. මෙයා රට පාවා දෙන එම්සීසී සෝෆා ගිවිසුම් වලට හුරේ දානවා. ඒ හින්දා මෙයාගේ ව්‍යපෘති එකක්වත් රට වෙනුවෙන් කරන දේවල් නෙමෙයි. වහල් ආණ්ඩුවෙන් රට බේරාගෙන මිනිස්සුන්ට වුවමනාව වුනේ අපේ රටට, අපේ මිනිස්සුන්ට, අපේ දේවල් වලට තැනදෙන අපේ දේ අපිම කරගන්න පාලනයක්. කසල ටිකවත් තමන්ට කළමනාකරණය කරගන්න බැරි එ්කත් පිටරටට දෙන කම්මැලි ආණ්ඩුවක්නේ... මිනිස්සු පත් කරගෙන තියෙන්නේ. පැහැදිලිවම පේන්නේ මේ ගොල්ලන්ට දැක්මක් නැහැ කියන එක... වහල් ආණ්ඩුවේ ධනවාදී ප්‍රතිපත්තිමයි ඉදිරියට අරන් යන්න හදන්නේ. වෙනස් විදිහකට හිතන්න දන්නේ නැහැ. ලේසිම ක්‍රමය ආයෝජන කියලා රටේ පරිපාලනය, කළමනාකරණය සහ කර්මාන්ත ගොඩනැගීම ඔක්කොම සුද්දට බාර දීලා, වටිනා ඉඩකඩම් ටිකත් ඒ අයටම දීලා දේශපාලකයින් මහජන මුදලින් සුරසැප විඳින එක...
ලංකාව වගේ හතර ගුණයක් ඉන්දියාවේ තියෙනවලු.. මේ ක නොදන්නවා ඇති ජනගහනය...
කසල ප්රශ්නය තිබෙන්නේ නගර සහ ඒ අසල ප්රදේශවලයි. කසල කළමනාකරණය එතරම් අමාරු වැඩක් නොවේ. එය සාර්ථක වෙන්නේ නගර තුළ සහ අවට ප්‍රදේශවාසීන්ගේ සහයෝගය ලැබුණොත් පමණි. ලංකාවේ සෑම දෙයම නොමිලේ ලැබෙයි කියලනේ සිතන්නේ... කසල කළමනාකරණයට මාස්පතා ගණනක් ගෙවන්න කවුද කැමති...? ඊට හේතුව කසල කන්ද තිබෙන්නේ තමාගේ නිවාස අසල නොවන නිසා. කිසිම දෙයක් නොකර පුරුදු පරිදි පිටරටට බැණ බැණ ඉන්න. කසල ඇති කරන්න රටේ නගරබද ජීවත් වන අයමයි.
"වහල් ආණ්ඩුවෙන් රට බේරාගෙන මිනිස්සුන්ට වුවමනාව වුනේ අපේ රටට, අපේ මිනිස්සුන්ට, අපේ දේවල්වලට තැනදෙන අපේ දේ අපිම කරගන්න පාලනයක්. කසල ටිකවත් තමන්ට කළමනාකර..." වහල්ලුන් පත්කර ගත්ත ආණ්ඩුව තමයි මේ දැන් තියෙන්නේ... වැසිකිළි පෝච්චියට, ටකරමට, රෙදි කෑල්ලට, රුපියල් 200ට, අරක්කු භාගයට, ඡන්දෙ හුවමාරු කරගත්තේ 69 ලක්ෂයක් වුණු වහල් මෝඩයින්... දැන් පෙනෙනවා නේද මහා බැංකුවෙන් හොරකම් කරලා තියෙන ප්‍රමාණය...? රනිල්ගේ ආණ්ඩුව මිලියන 980 යි. මහින්දගේ ආණ්ඩුව මිලියන 10400 යි. කොහොමද..?
කසල ප්‍රතිචක්‍රීකරණය කරන නව නිපැයුම් යන්ත්‍රයක් පිළිබඳ පසුගිය කාලයේ කතා වුණා. රටේ සම්පත්වලින් ප්‍රයෝජනයක් නොගෙන අපේ කුණු ටිකත් කළමනාකරණය කරන්න පිටරටට දෙන්න තරම් අපි නොහැකියාවෙන් පිරුණු ජාතියක් වුණාද මන්දා...? අපේ රටේ ඉන්න ඒ මනුස්සයාට කරන්න ඉඩදෙන්න.
ඔබට ලැබෙන කොමිස් මුදල අනුව වැඩය කෙරෙන, නොකරන එක තීරණය වනු ඇත.
කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු...
ප්‍රශ්නෙකට තිබෙන්නේ අපේ දේශපාලුවෝ ලොකු ලොකු කොමිස් කුට්ටි ඉල්ලන එකනේ..
මේ ආයෝජනය ගැන පරිස්සම් වෙන්න ඕනේ. කැනඩාව ඇතුළු දියුණු රටවල් හොරෙන්ම කුණු යවනවා දුප්පත් රටවලට. ලංකාවටත්, ඉන්දියාවටත් පිලිපීනයටත් පසුගිය දවස්වල මේ වගේ කුණු එවලා තිබුණා..
කසල පිළිබඳව මෙයාට හොඳ දැනුමක් තියනවා. රජයේ මාධ්‍ය ප්‍රකාශක හැටියට ලොන්ඩරි වැඩනේ කළෙත්...
කුණු කසල පිටරටින් ගෙන්වපු හැත්ත... කොයි 69 ලක්ෂයක් මේකට විරුද්ධ වුණත් 55 ලක්ෂයක් පක්ෂව ඉන්නවා. ඔන්න ඕකයි තත්වේ...