(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සහ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කෙසෙල්වත්ත මැද පාර්ක් ක්‍රීඩාංගනයේ වළදමා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
මීට දින කිහිපයකට ඉහත දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු ගෑම් 5 මිලි 180 ක් අත්අඩංගුවට ගත් සැකකරු දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව ගිනි අවිය සහ ජීව අත්බෝම්බය සොයාගත් බව පොලිසිය කියයි.
එම වෙඩි තැබීමෙන් දෙමටගොඩ බේස්ලයින් පාරේ පදිංචිව වයි ටි දිනේෂ් 38 පුද්ගලයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
තුවාල ලද පුද්ගලයා ඔහුගේ සහෝදරයා සමඟ තීරෝද රථ සහ යතුරුපැදි පිරිසුදු කිරීමේ ස්ථානයක් ඉකුත් 1 වෙනිදා එම ස්ථානයේ ආරම්භ කර ඇති අතර ප්‍රථම යතුරු පැදිය එම ස්ථානයේ පිරිසිදු කිරීම සඳහා පැමිණීමත් සමඟම යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමය පෙන්නපු කෙනා පොලිසියට බෝම්බ ගහන්න හැදුවේ නැද්ද? එකෙක් බේරුණා. පොලිස්සිය පව්. චාන්ස් එකක් නැතිකර ගත්තා...!
ඉරිසියාව නමති සුව කල නොහැකි රොගයෙන් පෙලෙන්නෙකුගෙන් වැඩක් වෙන්ට ඔන.