(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මාලිගාවත්ත දී ව්‍යාපාරිකයකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවකු ගෙන් අනාවරණය වූ තොරතුරු අනුව විදේශ රටක නිෂ්පාදිත ජීව අත්බෝම්භයක් සහ මෙරට නිෂ්පාදිත ගල්කටස් වර්ගයේ ගිනි අවියක් කෙසෙල්වත්ත මැද පාර්ක් ක්‍රීඩාංගනයේ වළදමා තිබියදී සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි .
මීට දින කිහිපයකට ඉහත දී වැල්ලම්පිටිය ප්‍රදේශයේ දී හොරයින් මත්කුඩු ගෑම් 5 මිලි 180 ක් අත්අඩංගුවට ගත් සැකකරු දින හතක රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කිරීමේදී කිරීමේ දී අනාවරණය වූ තොරතුරු අනුව ගිනි අවිය සහ ජීව අත්බෝම්බය සොයාගත් බව පොලිසිය කියයි.
එම වෙඩි තැබීමෙන් දෙමටගොඩ බේස්ලයින් පාරේ පදිංචිව වයි ටි දිනේෂ් 38 පුද්ගලයකු බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කරනු ලැබීය.
තුවාල ලද පුද්ගලයා ඔහුගේ සහෝදරයා සමඟ තීරෝද රථ සහ යතුරුපැදි පිරිසුදු කිරීමේ ස්ථානයක් ඉකුත් 1 වෙනිදා එම ස්ථානයේ ආරම්භ කර ඇති අතර ප්‍රථම යතුරු පැදිය එම ස්ථානයේ පිරිසිදු කිරීම සඳහා පැමිණීමත් සමඟම යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.
2025 දෙසැම්බර් මස 18
303
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
200
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
998
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කෙසෙල්වත්තේ ක්‍රීඩාංගනයකින් පුපුරණ ද්‍රව්‍ය
Bamunuarachchi Monday, 11 September 2023 09:22 AM
පුදුමය පෙන්නපු කෙනා පොලිසියට බෝම්බ ගහන්න හැදුවේ නැද්ද? එකෙක් බේරුණා. පොලිස්සිය පව්. චාන්ස් එකක් නැතිකර ගත්තා...!
Bunny Preena Monday, 11 September 2023 10:31 AM
ඉරිසියාව නමති සුව කල නොහැකි රොගයෙන් පෙලෙන්නෙකුගෙන් වැඩක් වෙන්ට ඔන.