(ප්‍රසාද් රුක්මල්)
කොස්ලන්ද වෙලන්විට අක්කර සීය ප්‍රදේශයේ නිවසක ගෙවත්තක තිබූ වයෝවෘද්ධ අඹුසැමි යුවලකගේ මළසිරුරු දෙකක් අද (1) පස්වරුවේ සොයා ගත් බව කොස්ලන්ද පොලිසිය පවසයි .
නිවස අසල ගෙවත්තක තිබූ වයෝවෘද්ධ කාන්තාවගේ මළසිරුර හමුවී ඇති අතර නිවසට විදුලිය සපයන විදුලි වයරයේ කැඩී ගිය වයර් කොටස් දෙකක් ඇය අතින් අල්ලාගෙන මියගොස් සිටි බවත් එම මළසිරුර බෙහෙවින්ම නරක්වී දුගඳ හමමින් තිබිණැයි පොලිසිය කීය .
අනෙක් වයෝවෘද්ධ පුද්ගලයා ගේ මළසිරුර නිවසට පිවිසෙන මාර්ගය අසල තිබියදී හමුවි ඇත.
මෙසේ මියගොස් ඇත්තේ කොස්ලන්ද වෙලන්විට අක්කර සීය පදිංචිව සිටි ආර් .ඩ්.විමලාවතී (63) සහ උඩනිලමේගෙදර ගුණදාස (70) යන දෙදෙනා බවද පොලිසිය පවසයි .
මෙම වයෝවෘද්ධ අඹුසැමි යුවළ පමණක් නිවසේ සිට ඇති බවත් , වැල්ලවාය ප්‍රදේශයේ පදිංචිව සිටින දියණියක අද (1) නව වසරේ මවුපියන් බැලීමට පැමිණ විටදි සිය මවගේ සහ පියාගේ මළසිරුරු දෙක දැක ලබා දුන් තොරතුරක් අනුව මෙම මළසිරුරු සොයාගත් බවද පොලිසිය සදහන් කළේය .
දැනට මළසිරුරු දෙක එම ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබෙන බවත් පොලිසිය කීය .
2025 දෙසැම්බර් මස 16
105
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
909
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කොස්ලන්දේ නිවෙසකින් සිරුරු දෙකක් හමුවේ