
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ කිලෝ තුන්දහසක් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචි (36) හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කියයි.
විශේෂ කාර්යය බලකායේ බුද්ධි කොට්ඨාශයට ලද තොරතුරකට අනුව මුල්ලේරියාව කැළණිමුල්ල මන්සන්ධියේ මාර්ග සංඥා පුවරුව අසලදී සැකකටයුතු ලොරි රථය නවතා පරීක්ෂා කර, එහිදී මිනිස් පරිභෝජනයට නුසුදුසු කසල තේ තොගයක් සොයාගත් අතර පසුව ලොරි රථය සහ තේ තොගය පොලිස් භාරයට ගෙන තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd