(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
ආහාරයට ගත් කෙසෙල් ගෙඩියක කුඩා කැබැල්ලක් පෙනහැල්ලේ සිරවීමෙන් ඇතිවූ අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ පුද්ගලයෙකු මියගොස් ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි .
මෙසේ මියගොස් ඇත්තේ පන්නිපිටිය හිරිපිටිය හි පදිංචි හෙට්ටි කංකානමලාගේ ලක්ෂ්මන් හෙට්ටි පතිරණ නමැති (64) හැවිරිදි නාවික හමුදාවේ විශ්‍රාමික තාක්ෂණ නිළධාරියකු බව පොලිසිය කියයි .
මෙම පුද්ගලයා වසර කිහිපයක සිට රෝගීව සිට ඇති අතර ඔහුට ඇප උපස්ථාන සියල්ල බිරිදගේ අතින් සිදුව තිබේ.
මේ අතරතුරදී ඉකුත් 18 දා දහවල් ආහාරය ලබා දීමෙන් පසුව අතුරු පසක් සදහා කෙසෙල් ගෙඩියක් දෙන අවස්ථාවේදී එය ආහාරයට ගනිමින් සිටියදී එක්වරම එහි ආහාර කැබැල්ලක් උගුරේ සිර වීමත් සමග වූ අසාත්මිකතාවයක් හේතුවෙන් සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd