IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


කැස්බෑව ශාඛ්‍ය ජනපදයට වැය කළ කෝටි හයක් වතුරේ

(මුදිතා දයානන්ද)

බුද්ධශාසන අමාත්‍යංශය පෞද්ගලික සමාගමක් සමග එක්ව කැස්බෑව, කහපොළ, රෙජිඩේල් වත්තේ 2017දී මුල්ගල් තබා ඉදිකිරිම් ඇරඹු ශාඛ්‍ය ජනපදය ප්‍රතිනිර්මාණය කිරිමේ ව්‍යාපෘතියට වසර තුනකදී කෝටි 6.36 ක් වැය කර වැඩ අවසන් නොකර අතහැර දමා ඇති බව විගණන වාර්තාවකින් අනාවරණය වේ.

විගණන වාර්තාවට අනුව මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබෙන්නේ බුද්ධශාසන අමාත්‍යංශය හා පෞද්ගලික ආයතනයක් ඒකාබද්ධව එම පෞද්ගලික ආයතනයේ ආධාර යටතේ ඉදිකිරිම් සිදුකිරිමේ එකගතාවයක් ඇතිවය.

විගණන වාර්තාවට අනුව 2017 සිට වසර තුනක් තුළදී මෙහි ආරක්ෂක හා වෙනත් වියදම් ලෙස ඉහත මුදල වැය කර ඇති අතර ඒ තුළ අමාත්‍යංශයේ වැය කළ රුපියල් 1,17,84,405ක් ද පෞද්ගලික ආයතනයෙන් වැය කළ රුපියල් 5,18,15,514ක්ද ඇතුළත් වේ.

සැලසුම් කළ පරිදි ඉදිකිරිම් සිදුනොකර ව්‍යාපෘතිය අසාර්ථක වීම නිසා ඒ සඳහා වෙන්කළ (අක්කර හැත්තෑඅටක) ඉඩමෙන් අක්කර පහක් පමණක් බුද්ධශාසන අමාත්‍යංශයට තබාගෙන ඉතිරි කොටස සත්වෝද්‍යානයක් ඉදිකිරිම සඳහා සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවට පැවරීමට 2020 නොවැම්බර් 3 වැනිදා කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

මෙම මුදල් වැය කිරිම සම්බන්ධයෙන් ගිවිසුම අනුව අමාත්‍යංශයේ සොය බැලීමක් අනුමැතියක් තිබිය යුතු වුවද එවැන්නක් සිදුව නැති බවද එම වියදම් සම්බන්ධයෙන් විධීමත් ගිණුම් කටයුත්තක් සිදුව නැති බවද එම වාර්තාවේ දැක්වේ.

 



අදහස් (4)

කැස්බෑව ශාඛ්‍ය ජනපදයට වැය කළ කෝටි හයක් වතුරේ

උදය Wednesday, 26 October 2022 10:03 AM

රාජ පාක්ෂිකයන් එහෙම තමයි.

:       1       7

sharm warn Wednesday, 26 October 2022 11:36 AM

මෙව රාජ්‍ය දේපොල නෙමෙයිද? රජ මැදුරෙ තියෙන පිත්තල කාලි විතරද රාජ්‍ය දේපොල වලට ගනන් ගැනෙන්නෙ? මෙව ගැන රනිල් උන්නැහැගෙ වටින අදහස් දානගන්න අපි කැමතියි.. මොකද මෙ යහපාලනකාලෙ ගහපු කවක් නෙ..

:       0       1

Hidaya Wednesday, 26 October 2022 12:13 PM

මුදලින් වැඩි කොටස කට්ටියගේ සාක්කුවේ. මුන් හැමදාම කළේ ජනතාව රවටන් කන එක රටේ ව්‍යාපෘති වලින් 75% මුදල් හොරා කාලා විතරයි . ඒකනේ උන් පෝසත් වෙලා රට දුප්පත් වෙලා තියෙන්නේ . රාජපක්ෂ හොරු .

:       0       4

sam Wednesday, 26 October 2022 01:32 PM

මයිනා ඇතුළු හත්මුතු පරම්පරාවටම හෙණම ගහන්න ඕනෑ. ජාතික ධනය ඔවුන්ගේ බූදලේ වගේ විනාශ කරලා, කතාව හරියට ජනතා සේවකයින් වගේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 293 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 194 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site