IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


කැස්බෑ මස් කිලෝ 206ක් - සැකකරුවන් දෙකක් අල්ලයි

(යොහාන් භාසුර)

මන්නාරම සිලාවතුර අරිප්පු ප්‍රදේශයේ කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ජීවී කැස්බෑවන් දෙදෙනෙක් ඇතුළු කැස්බෑ මස් තොගයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා නාවික හමුදාව පවසයි.

වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ථේරපුත්ත ආයතනයේ අරිප්පු වෙරළ නිරීක්ෂණ මධ්‍යස්ථානය කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී කැස්බෑවන් සිව් දෙනෙක් මරා මස් පිණිස සකස් කරමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගයක්, ජීවී කැස්බෑවන් දෙදෙනෙක් සහ කැස්බෑවන් ගොඩබිමට රැගෙන ඒමට භාවිතා කළ බවට සැකකෙරෙන තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාවක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව කීය.

නාවික හමුදා භාරයට ගත් සැකකරුවන් වයස අවුරුදු 26 ක් සහ 37 ක් වන අරිප්පු ප්‍රදේශයේ පදිංචිකරුවන් බව හඳුනාගන්නා ගත් බව කී නිවාක හමුදාව එම සැකකරුවන් දෙදෙනා, ජීවී කැස්බෑවන් දෙදෙනා,  කැස්බෑ මස් කිලෝග්‍රෑම් 206 ක පමණ තොගය සහ තෙප්පම් වර්ගයේ කුඩා යාත්‍රාව ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම වනජීවි දෙපාර්තමේන්තු කාර්යාලයට භාරදුන් බව ද සඳහන් කළේය.



අදහස් (0)

කැස්බෑ මස් කිලෝ 206ක් - සැකකරුවන් දෙකක් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 527 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 269 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1068 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site