
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ ඉන්දිකා රාමනායක)
ඔබේසේකරපුර රාජගිරිය වජිර මාවතේ පිහිටි නිවසක් තුළකසිප්පු පෙවීමේ නිරතව සිටි බව කියන කොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන චීන ජාතිකයින් දෙදෙනෙකුවැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (19) සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
කසිප්පු පෙරීමේ උපකරණ කසිප්පු පෙරීමට පදම් කරන ලදගොඩා ලීටර් 250 ක්, කසිප්පු 600ක්සහ කසිප්පු පෙරීමට යොදාගත් උපකරණ රැසක් දමෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් දෙදෙනා 41 සහ 46 හැවිරිදි වියේ පසුවෙති
මෙම සැකකාර චීන ජාතිකයින් දෙදෙනාකොළඹ වරාය නගරයේ වැඩ පරීක්ෂකවරුන් ලෙස සේවය කරන අතර මොවුන් කුලී පදනම මත මෙම නිවස ලබාගෙන තිබිණි යැයි පොලිසිය කියයි.
ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇත.
වැලිකඩ පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාර චීන ජාතිකයින් දෙදෙනා සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
අත්අඩංගුවට ගත් සැකකාර චීන ජාතිකයින් දෙදෙනාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙදර තමන්ගේ අවශ්‍යතාවට පෙර ගත්තාම කිසිම වැරැද්දක් නෑ.
ඔය දෙන්නා කවදා හෝ තමන්ගේ රටට ගියාම කසිප්පු පෙරනවා කියලා කියන්න පුළුවන්... ඉතින් ඊට පස්සේ ඒවා සඳහා පේටන්ට් බලපත්‍රය ලබාගනීවි. අන්තිමේ අපේ කොතල හිඹුටු අපිට අහිමි වුණා වගේ ගමේ මිනිස්සු මෙතෙක් ආදායමක් ගත්තු කසිප්පු ටිකටත් චීනාගෙන් බලපත්‍රය ගන්න වේවි. ඊට ඉස්සෙල්ලා ඩයනා ගමගේ කියපූ දේ කළොත් හොඳයි කියලා හිතෙනවා.
චීන මහත්වරුනි, ඔය දැන් දාන ගෙම්බර් තව ටික කාලෙකින් නැතිව යනවා. එතකොට චීන ආණ්ඩුවේ නීතිය අනුව, අරක්කු ටිකක් පෙරා ගත්තාම ඔවුන් නඩු දමන්නේත් නැහැ. අනික ලංකාවේ අමන අධම පාලකයින් වගේ නෙමේ, චීන පාලකයින් පාලනය කරද්දී තත්වය වෙනස්, එතකොට අඩු මුදලට විස්කි, වයින් බොන්න තියෙද්දී ආයේ මොකටද කසිප්පු පෙරන්නේ... අපි චීනයට ණය ගැතියි... මේ රටේ අය අපිව චීනෙට උකස් කළා.. කවුරු නොපිලි ගත්තත්, හිඟන අපි දැන් චීන යටත් වැසියෝ..
මේ ගොල්ලෝ ගෙම්බෝ, ගැරඬින්ට කැමැති නිසා බඩු සුපිරි වෙන්න ඇති. මගේ බඩුවල තිබෙන්නේ රටඉඳි සීනි විතරයි. හැබැයි දෙවරක් පෙරන ලද බඩු මගේ පාවිච්චියට පමණයි...