(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
වරකාපොල ,දොලපාඩුව ප්‍රදේශයේදී කසිප්පු ජාවාරම්කරුවකු බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගත් අවස්ථාවේ සැකකරුගේ බිරිඳ එම ස්ථානයට කඩා පැන වැටලීම සිදුකළ කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන ස්ථානාධිපතිවරයාගේ අත සපා කා තුවාල සිදුකර පලාගොස් ඇතැයි වරකාපොල වරකාපොළ පොලීසිය පවසයි.
තුවාල ලැබූ උප පොලිස් පරීක්ෂකවරයා කෑගල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙයි .
පොලිස් පරීක්ෂකවරයාගේ අත සපා කා පලාගිය සැකකාර කාන්තාව අත්අඩංගුවට ගැනීමට වරකාපොල පොලිසිය සහ කෑගල්ල කොට්ඨාස දූෂණ මර්දන විමර්ශන අංශයේ නිලධාරීන් ඒකාබද්ධව පරීක්ෂණ පවත්වාගෙන යයි .
කසිප්පු බෝතල් තොගය සමග ඒවා ප්‍රවාහනය කිරීමට යොදාගත් ත්‍රීරෝද රථය සමග ජාවාරම් කරු බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.
සැකකාර කාන්තාව උප පොලිස් පරීක්ෂකවරයාගේ අත සපා කා ඇත්තේ ඇයගේ සැමියා මුදා ගැනීමේ අරමුණෙන් විය හැකි බව පොලීසිය පවසයි
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
කසිප්පු ජාවාරමාගේ බිරිය පොලිස් ලොක්කාගේ අත කාලා