(ලක්මි කුඩලිගම සහ සුමිත් පොතුපිටිය)
බුලත්සිංහල පොලිසියේ නිළධාරීන් දෙදෙනකුට පහරදී රාජකාරියට බාධාකිරිම සම්බන්දයෙන් කාන්තාවන් දෙදෙනකු ඇතුළු පුද්ගලයන් හත්දෙනකු ඊ පහළ වෙල්ගම දී අත්අඩංගුවට ගත්බව බුලත්සිංහල පොලිසිය පවසයි,
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ බුලත්සිංහල පහළ වෙල්ගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 27, 24, 26,34,60 පසුවන පුද්ගලයන් හතර දෙනකු සහ 46 සහ 20 වයසේ පසුවන කාන්තාවන් දෙදෙනකු බවද පොලිසිය කීය.
නීති විරෝධී මත්පැන් වැටලීමකට ගිය අවස්ථාවේ මෙම පහරදීම සිදුකර ඇති බවත් පහරකෑමට ලක්වූ නිලධාරින් දෙදෙනා ප්‍රතිකාර සඳහා බුලත්සිංහල රෝහලට ඇතුලත් කර ඇතැයිද පොලිසිය පවසයි .
සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් ඇති බවත් ඔහු අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය සදහන් කරයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ සැකකාරියන් දෙදෙනා අද (06) දින මතුගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර බුලත්සිංහල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්දන විදානගේ මහතාගේ උපදෙස් මත බුලත්සිංහල පොලිසිය මේ පිළිබඳව පරික්ෂණ පවත්වයි.
2025 දෙසැම්බර් මස 18
41
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
129
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
928
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
කසිප්පු අල්ලන්න ගිය පොලීසියේ දෙකකට පහරදීලා