
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරමින් එම බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මල්ගල්ලේ සුජාත හිමියන් විසින් ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක කරුණු තහවුරු කිරීම සඳහා ඔක්තෝම්බර් 14 වැනි කැඳවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
සීමිත විරෝධතා ගොනු කරන ලෙසද වගඋත්තරකරුවන්ට නියෝග කෙරිණි.
මෙම පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන ,අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි.
මෙම පෙත්සම අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී පෙත්සම්කාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ නවීන් මාරපන මහතා කියා සිටියේ මේ පෙත්සම ජනතාවට බලපාන කටයුත්තක් බැවින් කඩිනමින් විභාගයට ගත යුතු බවයි.
මල්ගල්ලේ සුජාත විසින් ගොනුකොට ඇති මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන, දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කොමසාරිස් සේපාලිකා චන්ද්‍රසේකර , ගෝල්ඩන් අයිඩන් හොස්පිටලිටි සමාගම ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.
නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් ගොනු කොට ඇති පෙත්සමේ මෙසේ සඳහන් වේ.
පසුගිය ජූලි 5 වන දින වසර පහක කාලයකට බල පැවැත්වෙන පරිදි ගෝල්ඩන් අයිලන්ඩ් හොස්පිටලිටි සමාගම යටතේ ඇති මැජිස්ටික් ෆ්‍රයිඩ් කැසිනෝ ශ්‍රී ලංකා නැමැති ආයතනයට කැසිනෝ ව්‍යාපාර පැවැත්වීම සඳහා බලපත්‍රයක් නිකුත් කරනු ලැබ ඇත.
මෙම බලපත්‍රය නිකුත් කිරීමේදී පෙත්සම්කරුට ලැබී ඇති තොරතුරු අනුව මෙම බලපත්‍රය ලබා ගැනීමට ආයෝජනය කළ යුතු අවම මුදල වන ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් මිලියන 500ක් තැන්පත් කිරීමක් සිදුකොට ඇත.
ඊට අමතරව මෙම බලපත්‍රය ලබාගෙන ඇත්තේ පවතින නීති හා රෙගුලාසිවලට පටහැනිව ය.
ඊට අමතරව තමන්ට ලැබී ඇති තොරතුරු අනුව මෙම බලපත්‍රය ලබා ගැනීමට ගෙවිය යුතු බලපත්‍ර ගාස්තු වන රුපියල් බිලියන 10 ක මුදල ගෙවා නොමැති බව පෙත්සම්කාර හිමියන් කියා සිටිති.
මෙමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වී ඇති බව මෙන්ම රජයේ රෙගුලාසි ද උල්ලංඝනය කර ඇත.
මෙම තත්ත්වය තුළ ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදු වී ඇත.
මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දෙන ලෙසද , තම මූලික අයිතිවාසිකම් කඩවී ඇති බව ප්‍රකාශ කරන ලෙසද , අදාළ බලපත්‍රය ක්‍රියාත්මක කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කාර හිමියන් විසින් සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.
2025 නොවැම්බර් මස 04
347
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2152
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1631
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
Kumasaru Wednesday, 02 October 2024 07:37 AM
ලැජ්ජයි!!! ඇයි ඔබ නම් හෙළි නොකරන්නේ. ඉදිරි මැතිවරණයේදී ඔවුන් තෝරා ගැනීමෙන් වැළකී සිටීමට ඡන්දදායකයින්ට මෙම තොරතුරු අවශ්‍ය වේ.
maalaka Wednesday, 02 October 2024 09:04 AM
කොහොමද කෙරුවාව ?පොඩි මිනිහට තමයි ඔක්කොම නීති ක්‍රියාත්මක කරන්නේ ?මොන "සන්තෝසම් " ලැබුනද දන්නේ නැහැ