
(රෝෂන් තුෂාර)
රාජ්‍ය බුද්ධි සේවයේ පොලිස් කොස්තාපල්වරයෙකුට අධිකරණයෙන් හිමිවන ත්‍යාග වවුචර් පත් අත්සන් කර ලබාදීම සඳහා මත්පැන් බෝතලයක්(ගල් අරක්කු බෝතලයක්) අල්ලසක් ලෙස ඉල්ලා ලබාගත්තේ යැයි කියන කොළඹ රථ වාහන මහේස්ත්‍රාත් අධිකරණයේ රාජකාරී කටයුතු භාර පොලිස් සැරයෙන් හා අධිකරණ පිරිසිදු කරන්නා ලබන 04 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (27)නියෝග කළේය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් මගින් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
පොලිස් කොස්තාපල්වරයා කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි, සියලු අනීතික දේවල් වලින් රට නිදහස් විය යුතුයි.