(දයාරත්න ඇඹෝගම)

හෙරෝයින් මත්කුඩු මිලි ග්‍රැම් 230 ක් සන්තකයේ තබාගෙන සිටි පොලිස් කොස්තාපල්වරයෙකු නාච්චාදුව ප්‍රදේශයේදි ඊයේ (03)දින අත්අඩංගුවට ගත්බව හිදෝගම පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කන්කසන්තුරේ ප්‍රදේශයේ පොලිසියකට අනුයුක්තව සේවය කරන 25 හැවිරිදි පොලිස් කොස්තාපල් වරයෙකි.

මෙම පොලිස් කොස්තාපල්වරයා සිය සේවා ස්ථානයෙන් නිවාඩු ලබා පහළ හල්මිල්ලෑව,නොච්චියාගම ප්‍රදේශයේ පිහිටි නිවසට පැමිණ සිටින අතර වාරයේදි පොලිසියට ලද තොරතුරක් මත මත්කුඩු සමග අත්අඩංගුවට පත්ව තිබේ.

ඔහු මත් කුඩු ලෝලියෙකු බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගනුලැබු සැකකාර පොලිස් කොස්තාපල් අද (04) අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් හිදෝගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එච්.එම්.එස්.බි.ගුණතිලක මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වති.