
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)
කොස්ගම බොරලුගොඩ කනිටු විදුහල අසලදී අද(03) සවස සිදුකළ වෙඩි තැබීමෙන් තුවාල ලද පුද්ගලයෙකු රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
.තුවාල ලබා ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකුගේ සමීපතමයෙක් බව පොලිසිය කියයි.එම පුද්ගලයා හතළිස් හැවිරිදි අයෙකි.
තුවාල ලද පුද්ගලයා තවත් පුද්ගලයකු සමග ත්‍රී රෝද රථයකින් යමින්සිටියදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකුගෙන් අයෙකු වෙඩි තබා ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
වෙඩි ප්‍රහාරය එම පුද්ගලයාගේ මුහුණ ප්‍රදේශයට එල්ල වී ඇති අතර ප්‍රතිකාර සඳහා අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කොස්ගම පොලිසියට අමතරව පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩි දුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන්නම් ටියුෂන් ගන්නවත් බැංකුවක් හොයාගන්න බැහැ. බැංකුවත් ගංවතුරට ගිහින්.