
(ලක්ෂ්මි කුඩලිගම, සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
බලපත්‍ර නොමැතිව කොස් කඳන් නවයක් කුඩා ලොරි රථයක පටවා ගීකියනකන්ද වත්ත වරකාගොඩ මාර්ගයේ ප්‍රවාහනය කරමින් සිටි පොලිස් කොස්තාපල්වරයකු ඇතුළු දෙදෙනකු අගලවත්ත පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.
අගලවත්ත පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක තරිඳු හෙට්ටිආරච්චි මහතාට ග්‍රාම නිලධාරිවරයකු ලබාදුන් තොරතුරකට අනුව උප පොලිස් පරික්ෂක රූපසිංහ මහතා සමග ගොස් මෙම වැටලීම සිදුකර තිබේ.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ තෙබුවන පොලීසියේ රාජකාරි කරන කොස්තාපල්වරයකු බව පොලිසිය කීය.
කොස් කදන් ප්‍රවාහනය සදහා යොදාගත් බොලරෝ ජීප් රථයද පොලිස් භාරයට ගෙන ඇතැයි පොලිසිය පවසයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd